පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    කුච්චවේලි රජයේ ඉඩම් වලින් අයවිය යුතු බදු ගෙවීම පැහැර හැරලා - ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන

    පෙබරවාරි 10, 2021

    ත්‍රිකුණාමලය දිස්ත්‍රිකකයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපාරිකයින්ට සහ විවිධ පුද්ගලයින්ට සංවර්ධන කටයුතු සදහා දීර්ඝකාලීන බදු සහන මත ලබාදී ඇති ඉඩම් වලින් රජයට අයවිය යුතු තිස්හතර කෝටි හැට අට ලක්ෂයක මුදල් ප්‍රමාණයක් ගෙවීම ඔවුන් විසින් පැහැර හැර ඇති බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

    ඊයේ (09) අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

    කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුරුපිට්ටි නැගෙනහිර (240 බී) ග්‍රාම නිලධාරී වසමේ ත්‍රිකුණාමලය පුල්මුඩේ ප්‍රධාන මාර්ගයේ, ඉරක්කණ්ඩි පාලම හා සලපේ ආරූ පාලම අතර ප්‍රධාන මාර්ගය හා මුහුදු වෙරළ තීරය අසළ  ප්‍රදේශයේ රජයේ ඉඩම් භාවිතාකරන පුද්ගලයින්  හත් දෙනෙකුගෙන් පමණක් රජයට අයවිය යුතු බදු මුදල් ප්‍රමාණය කෝටි දාහතක් වෙනවා.

    අපි අපගේ විමර්ශන ඒකකයෙන් මුළු රටේම මේ ආකාරයෙන් විමර්ශන කටයුතු සිදුකර රජයට අයවිය යුතු මුදල් අයකර ගැනීමටත්, එසේ නොදෙන්නේ නම් නැවත එම ඉඩම් පවරාගෙන සුදුසු පුද්ගලයින්ට සහ ආයතන වලට ඉඩම් ලබාදී ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ශක්තිමත් කරන්නට කටයුතු කරනවා.

    ඒ වගේම ඉඩම් අහිමි ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට ඉඩම් කැබැල්ලක් ලබාදී, ඒවාට ඔප්පු ලබාදීමටත් මේ වසරේදී ඉඩම් ඔප්පු එක් ලක්ෂ පනස් දහසක් ප්‍රධානය කිරීමට කටයුතු කරනවා.

    රජයේ ඉඩම් පුද්ගලයින් සහ සංවිධාන අවභාවිත කර හෝ අනවසරයෙන් අල්ලාගෙන ඇති බවත් සුදුසු පුද්ගලයින්ට අණපනත් ප්‍රකාරව එම ඉඩම් වලට නීත්‍යානුකූලව ඔප්පු ලබාදීමට කටයුතු කර අනෙකුත් ඉඩම් හා කෘෂිකාර්මික සංවර්ධන කටයුතු සදහා හැකි ඉක්මණින් යොදවන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

    මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට විමර්ශන හා ව්‍යාපෘති අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා සහ සහකාර පොලිස් අධිකාරී (විමර්ශන) ජේ. එච්. එම්. එන්. ජයපත්ම මහතාද සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya