රාජ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තුළින් කොවිඩ් 19 වැළැක්වීම සදහා ලබාදෙන එන්නත සදහා ලියාපදිංචි වීමේ අවස්ථාව සලසා ඇති අතර කොවිඩ් 19 පිළිබද තොරතුරු, අමාත්‍යාංශය යටතේ ඇති ආයතන පිළිබදව මෙන්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබදවද තොරතුරු ඇතුළත්ව ඇත.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය සරත් ගුණතිලක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගීවිය.