පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    ජපානය හා ශ්‍රී ලංකාව ආර්ථික සහයෝගිතාව දියුණු කිරිමට එකඟ වේ

    පෙබරවාරි 11, 2021

    ආර්ථික සහයෝගිතාවය පුළුල් කිරීම සඳහා ජපානය හා ශ්‍රී ලංකාව කරුණු සමාලෝචනය කොට සමකාලීන වශයෙන් අදාළ වන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීම සඳහා එකඟ වූහ.

    ශ්‍රී ලංකා - ජපාන ප්‍රතිපත්ති සංවාදයේ දෙවැනි වටය විදේශ අමාත්‍යාංශ දෙකේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මට්ටමින් 2021 පෙබරවාරි 10 වැනි දින අතථ්‍ය ලෙස පැවැතිිඅවස්ථාවේ මෙම එකඟතාවට පැමිණියහ.ශ්‍රී ලංකාව සහ ජපානය අතර වාර්තාගත දේශපාලන හා සංස්කෘතික අන්තර්ක්‍රියාකාරිත්වයේ ශක්තිමත් පදනම පිළිබඳව සිහිපත් කරමින්, දෙපාර්ශ්වයම ජාතික, කලාපීය හා ජාත්‍යන්තර මට්ටම්වල ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා රාශියක් පිළිබඳව සාකච්ඡා කළ අතර, දෙරටේ පොදු අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා එක්ව කටයුතු කිරීමට තීරණය කළහ.

    ඉන්දියන් සාගරය තුළ, නීති රීති පදනම් කරගත් සමුද්‍රීය පිළිවෙලක වැදගත්කම හඳුනාගන්නා ලද අතර, බහුපාර්ශ්වීය වේදිකාවල සමුද්‍රීය සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සහයෝගය වැඩි දියුණු කිරීම සඳහා වන ඒකාබද්ධ ප්‍රයත්නයන් අඛණ්ඩව සිදු කිරීමට දෙපාර්ශ්වයම තීරණය කළහ.

    විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ශ්‍රී ලාංකික දූත පිරිසට නායකත්වය ලබා දුන් අතර, ජපානයේ විදේශ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අමාත්‍ය මොරි ටකෙයෝ මැතිතුමා ජපාන පාර්ශ්වය මෙහෙයවීය.

    ටෝකියෝ හි ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මැතිතුමා, විදේශ අමාත්‍යාංශ දෙකේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කොළඹ ජපාන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුව ද මෙම සාකච්ඡා සඳහා එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya