පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රි ලාංකික විගමණික සේවකයන් මෙරටට ගෙන්වීමෙන් පසු නිරෝධායනය කිරීම සඳහා අවශ්‍ය මධ්‍යස්ථාන  කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර

    පෙබරවාරි 11, 2021

    ශ්‍රි ලාංකික විගමණික සේවකයන් මෙරටට ගෙන්වීමෙන් පසු නිරෝධායනය කිරීම සඳහා අවශ්‍ය මධ්‍යස්ථාන  කඩිනමින් ස්ථාපිත කිරීමට කඩිනම් පියවර ගැනීමට අවධානය යොමුව තිබේ.

    මව්රටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රි ලාංකික විගමණික සේවකයන් මෙරටට ගෙන්වීමෙන් පසු නිරෝධායනය කිරීම සඳහා අවශ්‍ය මධ්‍යස්ථාන  කඩිනමින් ස්ථාපිත කිරීමට අවශය පියවර ගන්නා ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා අදාළ අංශ වෙතින් ද ඉල්ලීමක් කර තිබේ.

    විදේශගතව සිටින අපගේ විගමණික  සේවකයන් මෙරටට ගෙන්වා ගැනීම ප්‍රමාදවීම සම්බන්ධව ජනමාධ්‍ය සහ විපක්ෂයේ සමහර බලවේග විවිධ විවේචන එල්ල කරන නමුත් ඊට බලපාන යථාර්ථවාදී සැබෑ  සත්‍ය තත්ත්වය සහ අපහසුතා ඔවුන් තේරුම් නොගෙන මෙම විවේචන එල්ල කරන බවත් , කෙසේ වුවත් මෙම විදේශගතව සිටින අපගේ ලාංකිකයන් මෙරටට කඩිනමින් ගෙන්වා ගැනීමට නව වැඩපිළිවෙළක් සියලු දෙනා එක්ව ආරම්භ කළ යුතු බව අමාත්‍යවරයා ඊයේ (10) කම්කරු අමාත්‍යංශයේ පැවැති විශේෂ සාකච්ඡාවක දී පෙන්වා දුන්නේය.

    විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මැතිතුමා, යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ,කෝවිඩ් වැළැක්වීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ,විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් , සර්වෝදය ව්‍යාපාරයේ ආචාර්ය වින්යා  ආරියරත්න,පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා ඇතුළු නිලධාරිහු රැසක් මෙම අවස්ථාවට එක් වූහ.

    මෙහි දි තවදුරටත් කරුණු දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ විදෙස් සේවා නියුක්ති  කාර්යාංශයේ ලියාපදිංචි වී ගිය විගමනික ශ්‍රමිකයන් සඳහා පමණක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවය.

    කාර්යංශයේ පනතට අනුව කාර්යංශයේ අරමුදල් වැය කළ හැක්කේ එම කාර්යංශයේ ලියාපදිංචි වී ගිය විගමණික ශ්‍රමිකයන් සදහා පමණක් බැවින්, වෙනත් මාර්ග ඔස්සේ විදෙස් රැකියා සදහා ගිය අය සදහා මෙම ප්‍රතිලාභ වැය කළ නොහැකි බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    මෙරට දැනට ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථානවල ප්‍රමාණවත් තරම් ඉඩ පහසුකම් නොමැති නිසා යුද හමුදාවේ සහ සෞඛ්‍ය අංශවල උපදෙස් ඇතුව වෙනම නිරෝධායන මධ්‍යස්ථාන මෙම විගමණික සේවකයින් සඳහා කඩිනමින් ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා පැවසීය.

    ඒ සඳහා දිවයිනේ විවිධ ස්ථානවල දැනට වසා දමා ඇති සංචාරක හෝටල් ප්‍රයෝජනයට ගැනීම පිළිබඳ සොයා බලන ලෙසත්  පැවසීය.එම සංචාරක හෝටල් මෙම නිරෝධායන මධ්‍යස්ථාන සඳහා ලබාදීමට  කැමති හෝටල් හිමියන් ගෙන්  ප්‍රසිද්ධ දැන්වීමක් මගින් අයදුමිපත් කැදවන ලෙස ද මෙහි දී ඇමැතිවරයාවිදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම් දුන්නේය. මෙහි දී අදහස් දැක්වූ  යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ මේ වන විට විදේශ ගතව සිටී ශ්‍රී ලාංකිකයන්    අනූ දහසකට ආසන්න ප්‍රමාණයක් නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බව ය .

    ඒ සඳහා  හෝටල් ද  ඇතුළුව නිරෝධායන මධ්‍යස්ථාන අසූ හතක් ක්‍රියාත්මක වෙයි.නමුත් මෙම විගමණික  සේවකයන්ට නිරෝධායන පහසුකම් සම්පාදනය කරමින් ඔවුන්ට උපරිමයෙන් සේවය කිරීමට යුද හමුදාව  සූදානමින් සිටින බව ද යුද හමුදාපතිතුමා මෙහි දී පැවසීය. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙහි දී කියා සිටියේ  මෙම අවස්ථාවේ දී සිවිල් සංවිධාන ද මෙම කාර්යයට උර දීමට සූදානමින් සිටින බව ය .

    ඒ අනුව සර්වෝදය ව්‍යාපාරයට අයත් පුහුණු මධ්‍යස්ථාන මෙම නිරෝධායන මධ්‍යස්ථාන සඳහා  ලබාදීමටත් ඒවාට අවශ්‍ය  උපකරණ හා නිරෝධායනය වන අයගේ ආහාරපාන හා   සුභසාධන
    කටයුතු කිරීමට ද සර්වෝදය ව්‍යාපාරය සූදානම් සිටින බව ආචාර්ය වින්‍යා ආරියරත්න මහතා මෙහි දී පැවසීය.
    මේ පිළිබඳව වැඩිදුර ක්‍රියා කිරීම සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.අරමෛහිනායහම් මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය, යුද හමුදාව,විදේශ සේවා නියුක්ති කාර්යංශය ,විදේශ කටයුතු අමාත්‍යාංශය අමාත්‍යංශය හා සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්  විශේෂ කමිටුවක් ද පත් කෙරින.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya