පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    පොදු ස්ථාන ඉලක්ක කරගනිමින් වොල්බැකීයා බැක්ටීරියාව අන්තර්ගත මදුරුවන් පරිසරයට මුදා හැරීමේ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කිරීමට පියවර

    පෙබරවාරි 11, 2021

    කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස 04 ක පමණ කාලයක් තාවකාලිකව නවතා තිබූ ලෝක මදුරු වැඩසටහනේ ක්ෂේත්‍ර කටයුතු 2021 වසරේ පෙබරවාරි මස සිට නැවත ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.


    වොල්බැකියා බැක්ටීරියා අන්තර්ගත ඊඩ්ස් ඊඩිප්ටයි මදුරුවන් සාර්ථකව මුදාහැරීම තුළින් ඩෙංගු, චිකන්ගුන්යා, සිකා සහ කහ උණ වයිරස්වලට සම්ප්‍රේෂණය වීමට ඇති හැකියාව අවම කිරීම ලෝක මදුරු වැඩසටහන මගින් සිදු කෙරේ.පොදු ස්ථාන ඉලක්ක කරගනිමින් ලෝක මදුරු මර්දන වැඩසටහන විසින් වොල්බැකීයා බැක්ටීරියාව අන්තර්ගත මදුරුවන් පරිසරයට මුදා හැරීමේ වැඩපිළිවෙල යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සමඟ එක්ව ලෝක මදුරු වැඩසටහන මගින් ඩෙංගු රෝගය පිටු දැකීමේ අරමුණින් කොළඹ මහනගර සභා දිස්ත්‍රික් අංක 1(CMC – D1) සහ නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට නියමිත මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

    මෙම වැඩපිළිවෙල යටතේ ඉහත ප්‍රදේශවල “මදුරු බඳුන” (Mozzie Box) නැමැති බහාලුමක් උපයෝගී කර ගනිමින් වොල්බැකීයා බැක්ටීරියාව අන්තර්ගත
    මදුරුවන් මුදා හරිනු ඇත. මෙම මදුරු බඳුන ජලයෙන් පිරී පවතින අතර මදුරු බිත්තර සහ ආහාර අඩංගු කැප්සියුලයකින් සමන්විතයි. මදුරුවන් බෝ කිරීම සඳහා වීදි, උද්‍යාන සහ සෙවණ සහිත ප්‍රදේශවල මෙම මදුරු බඳුන එල්ලා තැබේ.

    මෙම මදුරු බඳුන ප්‍රජාවට නොමිලේ ලබා දෙන අතර සති දෙකක පමණ කාලයකදී මේරූ බිත්තර තුළින් මදුරුවන් සෑදී එම මදුරුවන් මදුරු බඳුනෙන්
    පිටතට පියාසර කරනු ඇත.මෙසේ මුදා හරින මදුරුවන් එම ප්‍රදේශවල සිටින මදුරුවන් සමඟ එක්ව වොල්බැකියා බැක්ටීරියා අඩංගු නව මදුරුවන් පරම්පරාවක් බිහි කරනු ඇත. මෙම මදුරුවන් ආරක්ෂිත වන අතර ප්‍රජාව ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කිරීමටද උපකාරී වේ.
    කොවිඩ් - 19 වසංගත තත්ත්වය වැළැක්වීමේ මාර්ගෝපදේශයන්ට අනුව ශාරීරික දුරස්ථභාවය හා සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya