එහෙත් ආයෝජකයන් ගෙන්වා රට දියුණු කිරීමට රජය කටයුතු කරන බව පැවසූ අමාතයවරයා, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සංවර්ධනය කරන අතරම බටහිර පර්යන්තය විදේශ ආයෝජනයක් සමග එක්ව සංවර්ධනය කිරීමට කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.
කිසිම ආර්ථික මධ්‍යස්ථානයක් විජාතිකයන්ට විකුණන් නැති බව රජය ප්‍රකාශ කර ඇති බව රජය පැහැදිළිව සඳහන් කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා නැගෙනහිර ජැටිය 100% ක්ම වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට තීරණයක් කර ඇති බව පෙන්වා දුන්නේය.
රජය කිසිවිටකත් රටට අවාසිදායක අන්දමින් කටයුතු නොකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.