දැනට රක්ෂණාවරණයක් පවතින්නේ ක්‍රිකට් ක්‍රීඩකයනට පමණක් බවද ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් විශාල ගැටළුවක් පවතින බව පැවසූ අමාත්‍යවරයා ක්‍රීඩා පුහුණුකරුවන්ගේ නියාමනයක් සිදු කළ යුතු බවද පෙන්වා දුන්නේය. කාය වර්ධන මධ්‍යස්ථාන පවා නිසි නියාමනයට යටත් වී නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජාතික සහ ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් සමග ඒකාබද්ධවෙමින් ක්‍රීඩා පුහුණුකරුවන් නියාමනය කිරීම තුළින් ඔවුන් වෘත්තීමය තත්වයට පත් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ ඔස්සේ ක්‍රීඩා පුහුණුකරුවන් නගාසිටුවීමේ ඉදිරි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි බවද කීය.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා මාතලේ දිස්ත්‍රික් හොකී ක්‍රීඩාව සම්බන්ධයෙන් යොමු කළ වාචික ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ හොකී ක්‍රීඩාව නගා සිටුවීම සම්බන්ධයෙන්ද රුපියල් මිලියන 50ක මුදලක් මෙවර අයවැයෙන් වෙන්කර ඇති බවයි. ශ්‍රී ලංකා හොකී සංගමයේ අභ්‍යන්තර ගැටළු රාශියක් පවතින බව පැවසූ අමාත්‍යවරයා ඉදිරි මාස 02 තුළ හොකී සංගම් නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සාකච්ඡා කර ඇති බවත් නිල වරණය පැවැත්වීමෙන් පසු පත්වන නව පරිපාලනයත් සමග හොකී ක්‍රීඩාව දියුණු කිරීමට කටයුතු කරන බවයි.මාතලේ, නුවර සහ කොළඹ ඇති හොකී ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීමට ඒ අනුව කටයුතු කරන බව අමාත්‍යවරයා පැහැදිළි කළේය.