පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් සෘජුව වී අලෙවි මණ්ඩලය මඟින් මිලදී ගැනේ

    පෙබරවාරි 11, 2021

    ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් සෘජුව වී අලෙවි මණ්ඩලය මඟින් මිලදී ගන්නා බවත් ඒ සඳහා රුපියල් මිලියන 16,000ක් ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    පසුගිය සමයේ කෘෂිකර්ම අමාත්‍යංශයට අනුබද්ධ සතොස ඇතුළු ආයතන රැසක දූෂිත ගනුදෙනු රැසක් සිදු වී ඇති බව පැවසූ අමාත්‍යවරයා , නිලධාරින් 07කට ආසන්න ප්‍රමාණයකගේ සේවය අත් හිටවූ බවත් අහිංසක ගොවියන්ගේ වී මිලදී ගැනීමේදි සිදු වන මෙම අක්‍රමිකතාවන්ට ඉදිරියේදී කිසිදු ඉඩක් නොලැබෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. වී මිලදී ගැනීමේදී පසුගිය සමයේ අඩුපාඩු රැසක් සිදුවී ඇති අතර දිසාපති හරහා වී මිලදී ගැනීමට මුදල් ලබා දුන්නද, එම මුදල් නිසි පරිදි අය වී නොමැත.

    ගොවියාත්, වී අලෙවි මණ්ඩලයත් , පාරිභෝගිකයාත් ආරක්ෂා වන පරිදි වී මිලදී ගැනීමේ ඉතා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසා ඇතැයි පැවසූ අමාත්‍යවරයා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මෙම මිලදී ගැනීම් සිදුවන බවත් කිසිදු අක්‍රමිකතාවක් වීමට ඉඩ නොදෙන බවද අවධාරණය කළේය. වී මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 03ක් නොව ලක්ෂ 05ක් පමණ ලැබේ යැයි තමා විශ්වාස කරන බව පැවසූ අමාත්‍යවරයා කිසිදු වංචාවක් සිදු නොවීමේ වගකීම තමා භාරගන්නා බවද කීය.

    ඊයේ දින ආර්ථික මධ්‍යස්ථානයන්හි නිරීක්ෂණ චාරිකාවකට තමා එක්වූ බව පැවසූ අමාත්‍යවරයා ප්‍රථම වතාවට ගොවීන්ට සිය එළවළු අලෙවි කිරීම සඳහා ආර්ථික මධ්‍යස්ථානයනහි කඩ ලබා දීමට තීන්දු කළ බව ත් අතරමැදියාගෙන් තොරව ගොවියාට සහ පාරිභෝගිකයාට එළවළු සඳහා සහතික මිලක් ලබා ගැනීමට මෙම වැඩපිළිවෙල ඔස්සේ හැකි බවද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya