පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම වෙනුවෙන් නිකුත් කර ඇති කඩඉම් ලකුණු අනිසි ලෙස ඉහළ දැමීමක් සිදු වී නෑ- අධ්‍යාපන අමාත්‍ය

    පෙබරවාරි 11, 2021

    5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත, 2021 වර්ෂය සඳහා පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම වෙනුවෙන් නිකුත් කර ඇති කඩඉම් ලකුණු අනිසි ලෙස ඉහළ දැමීමක් සිදු වී නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අවධාරණය කරයි.

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමත්‍යවරයා අද(11) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.

    දරුවන්ගේ කුසලතාව මත එම කඩ ඉම් ලකුණු ප්‍රමාණය තීරණය වන බව පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම කටයුතු ඉතා විනිවිද භාවයෙන් යුතුව සිදු වන පැහැදිළි කළේය. මෙවර විභාගයට පෙනී සිටි දරුවන් දක්වා ඇති ඉහළ දක්ෂතාවය මත මෙම ලකුණු තීරණය වී ඇතැයිද ලකුණු 200න් 200ම ලබා ගත් සිසුන් 10ක් සිටි බව පැවසූ අමාත්‍යවරයා ලබන වසරේ මෙම ලකුණු ප්‍රමාණයන් වෙනස් විය හැකි බවද පෙන්වා දුන්නේය.

    ලකුණු 200න් 200ම ගත් සිසුන්ට අධ්‍යාපන අමාත්‍යංශයට ගෙන්වා ලැප්ටොප් පරිගණක පවා ලබා දීමට කටයුතු කළ බවත් මෙළෙස එම ලකුණු ප්‍රමාණය පහත දැමීමට කරන ඉල්ලීම එම දරුවන්ට සිදු කරන අසාධාරණයක් බවද අමාත්‍යවරයා කීය. මෙම වසරේ එම දරුවන්ට සාධාරණයක් කිරීම සඳහා පාසල් වල පවතින පුරප්පාඩු වලට වඩා සම ලකුණු ලැබූ සිසුන් යොමු කර ඇති බවද කීය. තවද මුල් වටයෙන් ලැබූ පාසල් වෙනස් කර ගැනීමට අභියාචනා කිරීමට සිසුන්ට අවස්ථාවක් ලබා දී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya