පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    සංචාරක ව්‍යාපාරයේ නියැලූවන් නගා සිටුවීමට නම් සංචාරක ව්‍යාපාරය යළි නගාසිටුවිය යුතුයි

    පෙබරවාරි 11, 2021

    දීමනා ලබා දීමෙන් පමණක් සංචාරක ව්‍යාපාරයේ නියැලූවන් නගා සිටවිය නොහැකි බවත් ඒ සඳහා ඇති එකම ක්‍රමය සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීම බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද(11)පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    පාස්කු ප්‍රහාරය නිසා කඩා වැටුණු සංචාරක ව්‍යාපාරය කොවිඩ් වසංගතය නිසා තව දුරටත් පසුබෑමකට ලක් වූ බව පැවසූ අමාත්‍යවරයා රජය විවිධ දීමනා සහ සහනාධාර එම ක්ෂේත්‍ර යේ
    නියැලූවන්ට ලබා දුන් බව කීය. ඒ අනුව සංචාරක කර්මාන්තය වැට් බද්දෙන් නිදහස් කිරීම, ඒ සඳහා ලබාගත් ණය හා ලීසිං පහසුකම් ආපසු ගෙවීම සඳහා මෙම වසරේ සැප්තැම්බර් 30 දක්වා
    කාලය ලබා දී ම, සංචාරක සේවා සපයන ආයතන සඳහා ජල විදුලි බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට පියවර ගැනීම ආදී ක්‍රියාමාර්ග පෙන්වා දිය හැකිය.

    සංචාරක කර්මාන්තය ඇතුළු කොවිඩ් වසංගතයේ හානියට පත් කර්මාන්ත පවත්වාගෙන යාම සඳහා මේ වන විට බැංකු මගින් ණය ලබා දී තිබේ. සංචාරක සංවර්ධන අධිකාරිය මගින්ද සංචාරක ක්ෂේත්‍රයේ නියුතු සංචාරක මග පෙන්වන්නන් කුලී රථ රියැදුරන්ට විවිධ දීමනා ලබා දී තිබේ.

    එහෙත් මෙම සහණ ලබා දිය හැක්කේ සංචාරක අධිකාරියේ ලියාපදිංචි පුද්ගලයන්ට සහ ආයතයන්ට පමණක් බවද අමත්‍යවරයා පැහැදිළි කළේය. මීට අමතරව ජල හා විදුලි බිල්පත් සඳහා ලබා දුන් සහන 2021.02.28 දක්වා ලබා දීමට කටයුතු කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya