පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණයට: ICTA සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරේ

    පෙබරවාරි 11, 2021

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් සමස්ථ අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම සඳහා වන වැඩපිළිවෙල අධිකරණ අමාත්‍යාංශය, අධිකරණසේවා කොමිෂන්සභාව, තාක්ෂණ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව ආරම්භ කරන ලදී.

    මෙම ව්‍යාපෘතිය යටතේ මෙරට සමස්ථ අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම ආරම්භ කෙරේ. අධිකරණ පද්ධතියේ ලිපිගොණු පවත්වාගෙන යාම, අධිකරණ පද්ධතිය කළමනාකරණය, නඩු වාර්ථා තබාගැනීම හා නඩු වාර්ථා නිකුත් කිරීම, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දඩ මුදල් ගෙවීම ඇතුළු සමස්ථ අධිකරණ ක්‍රියාවලියම ඩිජිටල්කරණය කිරීමට සැලසුම් කර ඇත.

    මෙම ව්‍යාපෘතිය පිළිබඳව වන අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම අද දින ( 11) අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිය.

    මීට පෙර යම් යම් අංශ පරිඝණකගත කිරීම් සිදුවුනත් ශ්‍රී ලංකාවේ සමස්ථ අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම පිළිබදව ඒකාබද්ධ වන පුළුල් නව වැඩපිළිවෙලක් මෙමඟින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙහි පලමු අදියර ලබන 2021 වසරේදී අවසන් කිරීමට අපේක්ෂිතය.

    ඩිජිටල්කරණ ක්‍රියාවලිය සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා පසුවිපරම් ඇතුළු තාක්ෂණික මෙහෙයුම් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මඟින් සිදුකෙරෙනු ඇත. සමස්ථ අධිකරණ පද්ධතියට අදාළ තොරතුරු හා වාර්තා, නඩු ලිපිගොණු ශ්‍රී ලංකා තොරතුරු මේඝයේ (Lanka Government Cloud) ඇතුලත් කිරීමෙන් එහි ආරක්ෂාව තහවුරු කෙරේ. (Data Security) මෙම ව්‍යාපෘතිය මඟින් අධිකරණ කටයුතු විධිමත් වීම කඩිනම් කිරීම, විනිවිදභාවය, වියදම් අවමකර ගැනීම ඇතුළු වාසි රැසක් හිමිවේ. කෙටි පණිවඩ සේවා මඟින් අදාළ පාර්ශවයන්ට අධිකරණ කටයුතු දැනුම්දීමද සිදුකෙරෙනු ඇත. නීතිඥවරුන්, නීතිඥ සමාගම් රජය හා අදාළ අනෙකුත් පාර්ෂවයන්ට ලැබෙන වාසිදායක තත්වයන් නිසා අධිකරණ පද්ධතියේ ගුණාත්මක භාවයද වර්ධනය වනු ඇත.

    එමඟින් ව්‍යාපාර පවත්වාගෙන යෑමේ සත්‍යතා දර්ශකයේ (Doing Business Index) අන්තර් ජාතිකාව ඉදිරියට යෑමට හැකිවන අතර එය ආයෝජන ආකර්ෂණය වැඩිවීමටද හේතුවනු ඇත.
    මෙම ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යන හා ප්‍රසම්පාදන කටයුතු ලබන මාර්තු මාසයේදී ක්‍රියාවට නැගීමට අපේක්ෂිතයි. එහිදී මෙරට සැපයුම් කරුවන්ට ප්‍රමුඛත්වය හිමිවන අතර මූලික අරමුදල් සැපයීම මහා භාණ්ඩාගාරය මඟින් සිදුකෙරේ.
    මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එස්.එස්.සෝමරත්න, .තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya