රජය ඇතැම් භාණ්ඩ ආනයනය සීමා කළේ ජනතාවට පීඩනයක් ලබා දීමට නොව බව දීර්ග කාලීන සැළැස්මක් සහිතව, දේශීය කර්මාන්තකරුවන්ට ඉඩ ලබා දීමට බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද(11) පාර්ලිමේන්තුවේදී පැවසීය. ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වන නියෝග 03 ක් විවාදයට ගැනෙන අවස්ථාවේ එම විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ටයිල් හා නානකාමර උපකරණ කට්ටලවල හිගය හා මිල ඉහළ යෑම නිසා එම උපකරණ ආනයනය කිරීමට ඉඩ සලසමින් මුදල් අමාත්‍යවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය ආනයන,අපනයන පාලකවරිය විසින් බල රහිත කිරීම සම්බන්ධයෙන් විපක්ෂය විසින් නැගූ රීති ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමත්‍යවරයා පැවසුවේ ටයිල් නිෂ්පාදකයන්ගේ ඉල්ලීම පරිදි එම තීරණය ගත් බවයි
ටයිල් ඇතුළු සෙරමික් භාණ්ඩ නිෂ්පාදකයන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාකච්ඡා කර ඇති බවත් සති දෙකක කාලයක් ඇතුළත නිෂ්පාදනය වැඩි කිරීමට එම නිෂ්පාදකයන් එකඟ වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා එයද ප්‍රමාණවත් නොවුණහොත් ඉතා සීමාසහිත ලෙස එම භාණ්ඩ ආනයනය කිරීමට පියවර ගන්නා බවද කීය. ඉල්ලුමට සරිලන සැපයුම දේශීය වශයෙන් සැපයීමට නොහැකි නම් එලෙස ආනයනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැහැදිළි කළේය.
රජය බලයට පත් වූ විගස අභියෝග රැසකට රට මුහුණ දුණි. පාස්කු ප්‍රහාරය නිසා කඩා වැටීමට ලක් වූ අර්ථිකය කොවිඩ් වසංගතය හමුවේ තවත් බලපෑමට ලක් විය. එහෙත් යටිතල පහසුකම් සංවර්ධනය, උපාධිධාරින්ට රැකියා ලබා දීම, ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් නිර්මාණය වීම, බදු ගෙවන්නන් ට පහසු වීම සඳහා නිවැරදි බදු කළමනාකරණය,රාජ්‍ය ආදායම ගණනය කිරීමේදී නීති රීති වෙනස් කිරීම, ගොවියාට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වැනි ක්‍රියාමාර්ග ගනිමින් රට නිවැරදිව කළමනාකරණය කිරීමට රජයට හැකි විය.
මාස් කන්නයකදී නෙළා ගත හැකි විශිෂ්ඨතම අස්වැන්න මෙම වසරේ නෙළමින් සිටින බව ශෙහාන් සේමසිංහ අමාත්‍යවරයා කීය
මාර්තු 02 සිට පටන් ගන්නා සතිය සෞභාග්‍යා සතිය ලෙස නම් කරෙන බවත් සංවර්ධන වැඩසටහන් රැසක් එම සතියේ ආරම්භ කරන බවත් අමත්‍යවරයා කීයෙඅභියෝග මැදි රට නිවැරදිව කළමනාකරණය කිරීමට හැකි වූ බව විපක්ෂය පෙන්වන තරම් පීඩනයකට රට මුහුණ දී නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
දමිළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පසුගිය වසර 04තුළදී සුමන්දිරන් මන්ත්‍රීවරයා පෙනී නොසිටි බවත් අමාත්‍යවරයා කීය