පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    මාදැල් ධීවර කර්මාන්තයේ පවතින ගැටලු වලට කඩිනමින් විසදුම්

    පෙබරවාරි 12, 2021

    මාදැල් ධීවර කර්මාන්තයේ පවතින ගැටලු වලට කඩිනමින් විසදුම් ලබා දෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

    කට්ටකාඩු, පෝක්කරුප්පු හා චුන්ඩිකුලම් ප්‍රදේශවල පවතින මාදැල් පාඩු 47 ක් වෙනුවෙන් වෙන්කළ ප්‍රදේශවල ධීවර කටයුතු නිසියාකාරයෙන් සිදු නොවීම පිළිබදව දිගින් දිගටම
    අමාත්‍යවරයාට ලැබුණු තොරතුරු පිළිබදව සොයාබැලීමට හා ඒවා නිසියාකාරව පරම්පරාවෙන් පැවත ගෙන එන අයට හෝ අලුතින් මාදැල් ධීවර ක්ෂේත්‍රයට පැමිණෙන අයට මෙම අවස්ථාව ලබා දීම පිළිබඳව ඇති හැකියාව සොයාබැලීම වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.

    යාපනයේ පිහිටා ඇති ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට යාපනයේ ධීවර සහකාර අධ්‍යක්ෂක, මරුදන්කෙණි ප්‍රාදේශීය ලේකම් වරයා සහ ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya