පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    අවිධිමත් ලෙස සිදුකරන වන විනාශයන් සහ වනජීවී මිනිස් ගැටුම් අවම කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

    පෙබරවාරි 12, 2021

    කැලෑ කැපීම්, වන සතුන් විනාශ කිරීම්, රක්ෂිත භූමි අත්පත්කර ගැනීම සම්බන්ධයෙන් රට තුළ පැතිරයන ප්‍රචාරයන්ට ප්‍රතිචාර දැක්වීම සදහා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.
    රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා, වනජීවී සහ වනසංරක්ෂන අමාත්‍යංශ ලේකම්තුමන්, රාජ්‍ය අමාත්‍යංශ ලේකම්තුමන්, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා, පොලිස් විශේෂ කාර්ය බලකා අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පොලිස් අධිකාරීවරුන්, වන සංරක්ෂණ ජනරාල්, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අමාත්‍යංශ නිලධාරීන්ද පරිසරවේදීන්ද සහභාගී වූ විශේෂ සාකච්ඡාවක් (10)දින අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    මෙහිදී ඉහත නීතිවිරෝධී කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීම සදහා ඒ ඒ පොලිස් බලප්‍රදේශයන්ට අයිති වන සංරක්ෂණ කලාප වනජීවී සංරක්ෂණ කලාප අභය භූමි පිළිබදව සියලුම පොලිස් ස්ථාන දැනුවත් කිරීම හා රක්ෂිත වනජීවීන් හා රක්ෂිත වෘක්ෂලතා පිළිබදව හා වන සංරක්ෂණ ආඥා පණත් පිළිබදව වනජීවී හා වනසංරක්ෂණ නිලධාරීන්ගේ දැනුවත් කිරීම මත දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමටත් අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.

    දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු, කෘෂිකර්ම කමිටු වලට සමගාමීව දිසා භාර පොලිස්පතිවරුන්, වනජීවී හා වන සංරක්ෂණ නිලධාරීන්, දිසාපතිවරුන්ගෙන් හා රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත වූ
    වනජීවී හා වන සංරක්ෂණ කමිටුවක් සෑම දිස්ත්‍රික්කයකටම පිහිටුවා සෑම මසකම රැස්වී කරුණු සමාලෝචනය කිරීමටත් අමාත්‍යතුමා විසින් උපදෙන් ලබාදුන්නේය.

    මීට අමතරව නීතිවිරෝධී වගාවන් (උදා - ගංජා) සහිත හේන් වල එකී නීතිවිරෝධී වගාවන් විනාශ කර දැමීමෙන් පසු අදාල හිස් භූමි ප්‍රදේශ වල වන සතුන් සදහා ආහාර භෝග වගාවන් සිදුකිරීමට යෝජනා වූ අතර ඒ සදහා ගුවන් හමුදාවේ සහාය ලබාගැනීමට තීරණය විය.

    වනජීවීන් විනාශ කිරීම හා රක්ෂිතයන් විනාශ කිරීමට එරෙහිව කඩිනමින් ක්‍රියාත්මක වීම සදහා වනජීවී හා වනසංරක්ෂණ නිලධාරීන්ගේ සහායට පොලිස් විශේෂ කාර්ය බලකායේ දිග දුර විහිදුම් බලකායක් ස්ථාපිත කිරීමට වනජීවී ඇමතිතුමාගේ ඉල්ලීම අනූව පොලිස්පතිතුමන් එකග වන ලදී.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya