පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් “ආදරයට පැලයක්” වීරවිල වැව ඉස්මත්තේ දී ඇරඹේ

    පෙබරවාරි 12, 2021

    පෙම්වතුන්ගේ පෙබරවාරි 14 දිනට යෙදෙන වැලැන්ටයින් දිනය හෙවත් පෙම්වතුන්ගේ දිනය නිමිත්තෙන් නව රුක්රෝපණ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

    පරිසර අමාත්‍යාංශය විසින් මේ වනවිට ආරම්භ කර තිබෙන හුස්ම දෙන තුරු ජාතික රුක්රෝපණ වැඩ සටහනට සමගාමීව ආරම්භ වන මෙම රුක් රෝපණ වැඩ සටහන “ආදරයට පැලයක්” ලෙස නම් කර තිබේ.

    පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩ සටහන යටතේ එදිනට (14) වීරවිල වැව ඉස්මත්තේ දී මී පැල 5000ක් රෝපණය කෙරේ.

    ඒ සඳහා පෙම් යුවළවල් විසින් මෙම මී පැල රෝපණය කරන අතර ඔවුන් අතට පැළ ලබා දීම ප්‍රදේශයේ වයෝවෘද්ධ ගොවි මහතුන් මගින් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

    පෙම්වතුන්ගේ දිනය නිමිත්තෙන් රෝපණය කරන මෙම පැල රැක බලා ගැනීමේ වගකීම ද එම පෙම් යුවලවල් මගින් සිදු කිරීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya