පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන තිබෙනවා- අධිකරණ අමාත්‍ය

    පෙබරවාරි 12, 2021

    මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද(12) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    ස්ථාවර නියෝග 2/27 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඊයේ දිනය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේය.

    මුස්ලිම් විවාහ නීති රීති වෙනස් කිරීමට දැන් කාලය එළඹ ඇතැයි පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා කටයුතු කරගෙන යන බවද ,අවම විවාහ වයස 18 විය යුතු බව සහ කාන්තාවන් කාතිවරුන් වශයෙන් කටයුතු කිරීමට හැකි බව, මුස්ලිම් කාන්තාවන්ද විවාහ වනවිට අත්සන් කළ යුතුය යන යෝජනා ඉදිරිපත් කර ඇති බවත් එම සංශෝධන කිරීම සඳහා විශේෂ උපදේශන කාරක සභාවක් පත් කර ඇති බවද සඳහන් කළේය.

    මුස්ලිම් නීතියට අනුව පොඩි දරුවන් කැමැත්තෙන් තොරව විවාහ කරදීම සම්බන්ධයෙන්ද සිදු කළ ප්‍රකාශය වැරදි බව පෙන්වා දුන් අමාත්‍යවරයා ප්‍රායෝගිකව එසේ සිදු නොවන බවත් එය අවශ්‍ය නම් සාකච්ඡා කර සංශෝධනය කර වෙනස් කර ගත හැකි බවද අමාත්‍යවරයා කීය.

    එහෙත් මෙය සටහන් පාඨයක් හෝ ටැග් ලයිනයක් බවට පත් කර ආගමික නායකයන්ට පහර ගසමින් ජාතීන් අතර විරසක භාවයක් ඇති කර නොකළ යුතු යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙරට ජීවත් වන සෑම ජනකොටසකටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි

    පුද්ගල නීතිය සම්බන්ධයෙන් වන නීති සහ පනත් රාශියක් මෙරට ක්‍රියාත්මක වන බවත් විදේශ රටවලද මෙසේ ක්‍රියාත්මක වන බව පැවසූ අමාත්‍යවරයා මුස්ලිම් නීතිය පමණක් අහෝසි කිරීම නොකළ යුතු බවද පැහැදිළි කළේය.

    අද වන විට සෞදි අරාබියේ පවා විවාහ වීමේ වයස 18 දක්වා සශෝධනය වී ඇතැයිද අමාත්‍යවරයා කී අධිකරණ අමාත්‍යවරයා මෙම නීති කාලයෙන් කාලයට වෙනස් වීම සිදු විය යුතු බව පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya