වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ වෙනුවෙන් එහි ලේකම් එම්. ඒ. බී. විජිත බණ්ඩාරනායක මහතා සහ වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉඳිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ඩබ්ලිව්. පී. පී. ප්‍රනාන්දු මහතාත් අතර එය සිදුවිය.
ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය විසින් මෙම පරිවාරක(Insulator) වල ප්‍රමිතිය පිළිබදව නිර්දේශ ලබාදී ඇත. විදේශයෙන් ආනයන කරන ලද පරිවාරක වලට වඩා ඉහල ප්‍රමිතියකින් යුතුව දේශීය කර්මාන්ත කරුවන් මෙම පරිවාරක(Insulator) නිෂ්පාදනය කර තිබේ.
විදුලි අලි වැට ඉදිකිරීම සදහා පරිවාරක(Insulator) නවසිලන්තය, චීනය ඇතුළු විදෙස් රට වලින් මේ දක්වා ආනයනය කර තිබේ. ඒ වෙනුවෙන් වසරකට රුපියල් මිලියන 1000ට වඩා වැඩි ප්‍රමාණයක් විදේශයන් වෙත ගෙවා තිබෙන බව ගනනය කර ඇත.
අලි-මිනිස් ගැටුම සම්පූර්ණයෙන් විසදීම සදහා වත්මන් රජය විසින් විදුලි වැට 1400km දක්වා දීර්ඝ කිරීමට යෝජිතය. ඒ සදහා වන පරිවාරක(Insulator) විදේශයන්ගෙන් ආනයනය කිරීමෙන් විශාල විනිමයක් විදෙශයන් වෙත ගලා යනු ඇත. මෙම ව්‍යාපෘතිය තුලින් දේශීය ආර්ථිකය ශක්තිමත් වන අතරම ජාතික ආර්ථිකයටද විශාල පිටුවහලක් සපයයි.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් ආකාරයට ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කෙරෙන වැඩ පිලිවෙලට මේ තුලින් විශාල දායකත්වයක් සැපයේ.
මෙම අවස්ථාවට සහභාගී වූ ප්‍රසන්න රණවීර අමාත්‍යවරයා:
“මේ පරිවාරක අපි මෙතෙක් කල් නවසීලන්තය ඇතුලු විදෙස් රට වලින් ආනයනය කරේ. මේ භාණ්ඩ අපේ රටේ කර්මාන්ත කරුවන් විසින් නිෂ්පාදනය කරලා, ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයට ඉදිරිපත් කලා, එම ආයතනයෙන් ප්‍රමිති සහතිකය අපි ලබා ගත්තා. පිටරටින් ආනයනය කරන පරිවාරකයට වඩා ශක්තිමත් පරිවාරකයක් බව ඔවුන් තහවුරු කරලා තියෙනවා.
මම අනෙකුත් ආයතන වලටත් කියන්නේ පිටරටින් ආනයනය කරන දේවල් අපේ රටේ නිෂ්පාදනය කරලා දේශීය ආර්ථිකය නඟාසිටුවීමට වැඩකටයුතු කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා.”
මෙම අවස්ථාවට එක් වූ විමලවීර දිසානායක අමාත්‍යවරයා පැවසුයේ,
“සමහර අය චෝදනා කරනවා අපි ඉදිකට්ට ගේන්නෙත් පිටරටින් කියලා. ඒ නිසා ඒක අපි නතර කරගන්න ඕනි. අපිට අපේ රටේ මහා පොලොව, මිනිස්සු ගැන විශ්වාසකින් කටයුතු කරලා නිෂ්පාදන ආර්ථිකයකට මේ රට ගෙනියන්න අවශ්‍යයි.
අවුරුද්දකට ජාතික ආහර නිෂ්පාදනයෙන් 30% කට ආසන්න ප්‍රමාණයක් වන ජීවීන් විසින් විනාශ කරනවා. බොහෝ ගොවින් බැංකු වලින් ණය අරං ගෙදර දොර කණකර උකස් තියලා වගා කරන්නේ, එය එක රැයකින් වන අලීන්, විවිධ වන සතුන් විනාශ කරනවා. අවුරුදු 25 ක් හදන ගේ එක පැය කාලක් ඇතුලත බිමට සමතලා කරනවා. වනජීවීන් සහ මිනිසුන් අතර ගැටුම දුප්පත් කමටද බලපා තිබෙනවා. වන ජීවීන් විනාශ වනවාසේම, මිනිසුන් ජීවිතත් විනාශ වෙනවා.
මේ අවුරුද්දේ අපි කිලෝමීටර් 1200 ක් පමණ අලුතින් අලිවැටවල් ඉදිකිරීමට කටයුතු ආරම්භ කර තිබෙනවා. එය සාම්ප්‍රදායික මෙතෙක් පවත්වාගෙන ආපු අලි වැටම නොවෙයි. අපි විවිධ අත්හදා බැලීම් කරලා නව අලි වැටවල් කීපයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ සදහා අද අපි අත්සන් තැබූ ගිවිසුමට අනුව, දේශීය කර්මාන්ත කරුවන්ගෙන් මෙම පරිවාරක මිලදී ගැනීමට කටයුතු කරනවා.” යැයි පැවසීය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමත්‍යාංශයන්හි අධ්‍යක්ෂක වරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී විය.