පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    එක් දිනයක් තුළදී රටේම විශාල පුරන් කුඹුරු ප්‍රමාණයක් අස්වැද්දීමට කටයුතු කරනවා - කෘෂිකර්ම අමාත්‍ය

    පෙබරවාරි 13, 2021

    එක් දිනයක් තුළදී රටේම විශාල පුරන් කුඔුරු ප්‍රමාණයක් අස්වැද්දීමට කටයුතු කරන බවත් පුරන් කුඹුරු අස්වැද්දීමට කටයුතු කරන පිරිස් සඳහා මෙන්ම අනෙත් වගා කටයුතුවල යෙදෙන
    තරුණයන් වෙනුවෙන් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.


    ඒසේම පුරන් කුඔුරු අස්වැද්දීමේ වැඩසටහනක් ජාතික උත්සවයක් ලෙස සංවිධානය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන්ම මෙතෙක් වගා අක්කර 5 හිමි ගොවියන්ට පමණක් ලබාදුන් ගිනි අවි බලපත්‍රය එක් වගා අක්කරයක් හිමි ගොවීන්ටද ලබාදීමට හැකිවන ආකාරයෙන් අදාල චක්‍රලේඛනය සංශෝධනය කරන බව ද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී ( 11 ) පැවති කෘෂිකර්ම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.


    එමෙන්ම මෙතෙක් වගා අක්කර 5 හිමි ගොවියන්ට පමණක් ලබාදුන් ගිනි අවි බලපත්‍රය එක් වගා අක්කරයක් හිමි ගොවීන්ටද ලබාදීමට හැකිවන ආකාරයෙන් අදාල චක්‍රලේඛනය සංශෝදනය කරන බව ද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.


    විශේෂයෙන් කුඩා පරිමාන ඉඩම් හිමි ගොවියන්ට ඌරන් රිලවුන් වැනි සතුන්ගෙන් වගා සඳහා දැඩි අලාබ හානි සිදුවන නිසා එවැනි ගොවියන් තම වගා කටයුතුවලින් ඉවත්වීම සිදුවන බැවින්
    මේ සඳහා කටයුතු කරන බව පැවසීය. මෙම කාරක සභාවට පැමිණ සිටි මන්ත්‍රීවරුන්ගේ අදහස වූවේද අදාල චක්‍රලේඛනය ඉක්මනින් සකස් කළ යුතු බවයි. එසේම වනජීවී අමාත්‍යාංශය හා සම්බන්ධ වී මෙසේ වගා සඳහා හානි පමුණුවන සතුන් අල්ලා කූඩු කිරීමට කටයුතු කරීමට අවධානය යොමුවී ඇතිබවද පැවසීය. මේ වෙනුවෙන් අවශ්‍ය කූඩු සැකසීමට වනජීවී අමාත්‍යාංශය හා සම්බන්ධ වී කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.


    ලංකාවේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන සඳහා අවශය සියලු උපකරණ ලබාදීමට කටයුතු කරන බවද අවශ්‍ය තාක්ෂණයෙන් ශක්තිමත් කරන බවද මෙහිදී පැවසීය. බඩඉරිගු සඳහා නිවැරදි මිලක් ලබාදීමේ අවශ්‍යතාව වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත්වී කටයුතු කරන බවද කාරක සභාවේදී සඳහන් විය.


    එසේම රටේ පවතිව මුඩු ඉඩම් කෘෂිකර්ම අවශ්‍යතා වෙනුවෙන් යොදාගැනීමේ හැකියාව පිළිබඳවද පැමිණ සිටි මන්ත්‍රීවරු සහ අමාත්‍යවරයා සාකච්ඡා කළේය. විශේෂයෙන් තම
    ප්‍රදේශවල පවතින කෘෂිකර්ම අවශ්‍යතා සහ ඒ වෙනුවෙන් පවතින ගැටලු පිළිබඳවද මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරු අමාත්‍යවරයා සමග සාකච්ඡා කළේය.


    මේ සඳහා රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අසංක නවරත්න, වීරසුමන වීරසිංහ, වසන්ත යාපාබණ්ඩාර, චාල්ස් නිර්මලනාදන්, සංජීව එදිරිමාන්න, සම්පත් අතුකොරල, කෝකිලා ගුණවර්ධන, මුදිතා ප්‍රශාන්ති සොයිසා යන මහත්ම මහත්මීන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිල්‍ධාරීහු පිරිසක් සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya