ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සහ ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම්, ගොඩනැගිලි ද්‍රව්‍ය, කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මාර්ග ජනතා අයිතියට පත් කෙරිණ.
ඒ අනුව හේන්පිටගෙදර සකළසුරිය මාවත, වල්පිට ඇත්ගාලවත්ත මාර්ගය සහ අඹගහලන්ද ගම මැද මාර්ගය මෙලෙස ජනතා අයිතියට පත් කෙරිණ. එම මාර්ගයන්හි දුර ප්‍රමාණය කිලෝ මීටර් 3 කි. වැය කරන ලද මුදල රුපියල් මිලියන 49 කි.
මෙම අවස්ථාවට දිවුලපිටිය ප්‍රාදේශීය සභවේ සභාපති ඉන්දික ජයසිංහ, කොට්ඨාශ මන්ත්‍රීවරුන්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.