පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    වසර 40කට පෙර පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන්ට මාසික දීමනාවක්

    පෙබරවාරි 14, 2021

    වසර 40කට පෙර පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන්ට මාසික දීමනාවක් දීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

    වසර 40කට පෙර පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන් තුන්දහස් තුන්සිය තිස් දෙදෙනෙකු සඳහා මාසික දීමනාවක් ලබා දීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (12 )දින අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය.

    1980 හා 1982 කාලය තුළ පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල වසර 10 කට අඩු සේවා කාලයක් හිමි සේවකයන්ට ඔවුන් ජීවත්ව සිටිනතාක් මෙලෙස මාසික දීමනාවක් හිමි වේ.

    මෙම මාසික දීමනාව ලබාදීම සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යවරයා සේවකයන් කිහිපදෙනකු උදෙසා චෙක්පත් ප්‍රදානය කළේය.

    2020 ජූලි 15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මෙම මාසික දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 95ක් මහා භාණ්ඩාගාරයෙන් පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවට නිදහස් කර ඇත.

    රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් අහිමිවූවන්ගේ සංගමය නියෝජනය කරමින් ජේ.එම් බිසෝමැණිකේ මිය රජය ගත් මෙම තීන්දුව සම්බන්ධයෙන් ප්‍රණාමය පුද කරමින් ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් ද අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්නූවාය.

    මෙහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, තමන් කම්කරු අමාත්‍යවරයාව සිටින කාලයේ පටන් අවධානය යොමු කළ ගැටලුවකට මෙලෙස විසඳුමක් ලබා දීමට හැකිවීම ගැන ඉතා සතුටට පත්වන බව ප්‍රකාශ කළේය.

    අපේ මේ ප්‍රශ්නයට වසර 40ක් පමණ ගත වෙනවා. අගමැතිවරයා ප්‍රමුඛ රජය කිසිදු කරදරයකින් තොරව මෙම කාර්යය ඉටු කර දුන්නා. ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමාට උපහාර පිදිය යුතුයි. මේ ගැටලුවෙන් අසරණ වූ අපි අද වනවිට සිටියේ ඉතා අසරණ තත්ත්වයකින්. දයාසිරි ජයසේකර ඇමතිතුමාට, විමල් වීරවංශ ඇමතිතුමා ඇතුළු මේ සඳහා මැදිහත්වූ සියලු නිලධාරින්ට අපගේ ප්‍රණාමය පුද කරනවා යැයි රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් අහිමිවූවන්ගේ සංගමයේ ලේකම් ජේ.එම් බිසෝමැණිකේ මහත්මිය පැවසුවාය.

    මේ පිරිස කකුල් කැඩෙනකන් දේශපාලඥයන් ගාවට ගිහිල්ලා ඇති. අපි විපක්ෂයේ සිටින කාලයෙත් මේ ගැන කතා කළා. මේ පිරිස ලංකාව පුරාම විසිරී සිටිනවා. ලබන 28 වැනිදා වනවිට අපි මේ චෙක්පත් බෙදාදීම

    අවසන් කිරීමට නියමිතයි. එතැන් සිට මෙම දීමනාව ඔවුන්ගේ බැංකු ගිණුමට බැර වෙනවා යැයි බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

    මාසික දීමනාව ලද සේවිකාවක මෙහි දී කවි ගයමින් අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයට සුබ පැතුම් එක් කිරීම විශේෂත්වයකි.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ආර්.සුනේත්‍රා ගුණවර්ධන, පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දිමුතු කුලතිලක මහත්ම මහත්මීන් සහ චෙක්පත්ලාභීන් පිරිසක් එක්ව සිටියහ

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya