කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේ දී (14) දින එම සේවකයින්ට ශ්‍රමබිමානි දීමනා ප්‍රදානය කිරිමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
1978 දි ,ජේ.ආර් ජයවර්ධන රජය විසින් බලවේග පේෂකර්මාන්තය සම්පුර්ණයෙන්ම වසා දැමමු අතර ඒ හෙයින් සේවකයින් ලක්ෂයකට අධික පිරිසකට රැකියා අහිමි විණි.
එම ආයතන වසා දැමීම සම්බන්ධයෙන් සමසමාජ පක්ෂ හා කොමියුනිස්ට් පක්ෂ ඊට විරුද්ධව කටයුතු කළ බවත්,පේෂකර්මාන්ත ශාලා වසා දැමීම සම්බන්ධයෙන් එකල පදනම් ආයනයට සේවකයින් 6000ක් රැස්වු අතර එහිදි මෙම සේවකයින් අසා සිටියේ, මෙම ආයතන වසා දමන්නේ ඇයි ද? යන්නයි. එයට පිළිතුරු දුන් එකල ජනාධිපති කියා සිටියේ "ප්‍රතිපත්ති තීරණ ගන්නේ ආණ්ඩුව,එයට අනුව වැඩ කරන ලෙසයි"
එසේ සේවයෙන් ඉවත් කළ සේවකයින් එම සටන මේ දක්වා සිදු කළ අතර ඊට කිසියම් හෝ සහනයක් ලබා දීමට හැකි වුයේ වර්තමාන ආණ්ඩව බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
එසේම හැටනව ලක්ෂයක ඡන්දයකින් පත් කළ වර්තමාන ජනාධිපතිවරයාගේ ''සෞභාග්‍යයේ දැක්ම '' ඉදිරියට ගෙන යාමටත් ,එය ආරක්ෂා කිරිමටත් ඔවුන් ඡන්දය දුන් බව අමාත්‍යවරයා පැවසීය.
මේ අවස්ථාවට ,කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාද එක්ව සිටියේය.