පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    ලෝකයේ උභයජීවි විශේෂ 35ක් තුරන් වෙලා- පරිසර සංරක්ෂණය උදෙසා ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා

    පෙබරවාරි 15, 2021

    පසුගිය දශකයේ ලෝකයේ උභය ජීවි විශේෂ 35ක් සදහටම ලෝකයෙන් වඳ වී ගොස් ඇතැයි රතු දත්ත පොත පෙන්වා දෙන බවත්, ඉන් 21ක්ම ශ්‍රී ලංකාවට ආවේනික උභයජීවි විශේෂ යැයි පරිසර සංවිධානවල නියෝජිතයින් හා පරිසර විද්‍යාඥයින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට පෙන්වා දෙනු ලැබූ බව පරිසර අමාත්‍යාංශය පවසයි.

    පසුගිය සතියේ පරිසර සංවිධානවල නියෝජිතයින් , පරිසර විද්‍යාඥයින් හා පරිසර මාධ්‍ය වේදීන් පිරිසක් සමග අමාත්‍යවරයා පරිසර සංරක්ෂණය උදෙසා ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළේය. එහිදී අදහස් පළ කළ එම පිරිස් පෙන්වා දුන්නේ අපේ රටේ නිසි අවධානයට යොමු නොවීම නිසා ඇතැම් ගහකොළ මෙන්ම සත්ව විශේෂ ද වඳ වී යාමේ තර්ජනයට ලක් ව සිටින බවයි.

    විශේෂයෙන් ගම්පහ මීරිගම පිහිටි වඳ වි ගොස් ඇතැයි සැලකූ Crudia Zeilanica හෙවත් පඬු කරඳ ශාඛය වැනි වඳ වි යාමේ තර්ජනයට ලක්ව ඇති තවත් ශාඛ විශේෂ 10කට ආසන්න ප්‍රමාණයක් මෙරටින් හඳුනාගෙන තිබෙන බවත්, එම ශාඛ මෙන්ම වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටින සත්ව විශේෂ ආරක්ෂා කර ගැනීමට කඩිනමින් එම පාරිසරික සම්පත් කපා දැමීම හෝ විනාශ කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් පළ කරන ලෙස ද අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

    වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටින එම ශාඛ හා සත්ව විශේෂ සම්බන්ධව තමන්ට විස්තර ලබා දෙන ලෙස අමාත්‍යවරයා මෙහිදි පරිසර සංවිධානවලින් ඉල්ලිමක් කළේය. එම ලැයිස්තුව ලැබුුන පසු අදාල අංශ සමග සාකච්ඡා කර එසේ වඳ ව යාමේ තර්ජනයට ලක්ව ඇති ශාඛ මෙන්ම සත්ව විශේෂ ද ආරක්ෂා කර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් පළ කිරීමට මෙන්ම අවශ්‍ය සංරක්ෂණ පියවර ගැනීමටත් සුදානම් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
    මෙම සාකච්ඡාව පරිසර අමාත්‍යාංශයේ දී පසුගිය බ්‍රහස්පතින්දා දින පරිසර අමාත්‍යාංහයේ දී පැවැත්විනි. ඊට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාංසිහ මහතා ද සහභාගි වි සිටියේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya