පාසල් දරුදැරියන් පරිසරවේදීන් හා වනසත්ත්වවේදීන් වෙත ඉතා වටිනා දැනුම් සම්භාරයක් ලබාදීමට ඉවහල් වන මෙම පුවත් සගරාව මාසිකව දිනමිණ පුවත්පත සමග බෙදාහරිනු ලබන අතර වසර පහක් පුරා සගරාව එළිදැක්වීමට දායකවූ අමාත්‍යංශ කාර්යය මණ්ඩලයට හා ලේක්හවුස් කාර්යය මණ්ඩලය වෙත සමරු තිළිණ ප්‍රධානය කිරීමද මෙහි විශේෂ අංගයක් විය.
අමාත්‍යංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර, ලේක්හවුස් සභාපති ඩබ්ලියු දයාරත්න, කතෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්මශ්‍රී කාරියවසම් ඇතුළුව අමාත්‍යංශ නිලධාරීන් සහ ලේක්හවුස් කාර්යය මණ්ඩල අධ්‍යක්ෂකවරුන් හා කාර්යය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී වූහ.