මාතලේ මාරගොල්ල හංදියේ සිට දඹගොල්ල දක්වා වූ කිලෝ මීටර 6.5 ක දුරකින් යුතු මාර්ගය සංවර්ධනය කිරීමේ අවස්තාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ග්‍රාමීය මාර්ග කිලෝ මීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ මෙම මාර්ගය සංවර්ධන කිරීම සිදුවන බවත්, මෙමගින් අවට ගම්මාන 6 ක ජනතාවට සෙත සැලසෙනු ඇති බවත් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ අද වන විට ජනාධිපතිතුමා ගම සමඟ සංවාදයක නිරත වෙමින් ගමේ ජනතාවගේ ගැටලු දෑසින්ම දැක ඊට නිසි විසඳුම් ලබා දෙමින් සිටින බවයි.