පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

      ශෝක පණිවිඩය- වි.ජ.මු නාමය කිසිදා මෙරට ජන හදවත් තුළින් මැකී නොයනු ඇත

    පෙබරවාරි 15, 2021

    හිටපු කථානායකවරයකු, අමාත්‍යවරයකු මෙන්ම ආණ්ඩුකාරවරයකු වූ වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමාගේ හදිසි අභාවය සැළවීමෙන් මම අතිශය සංවේගයට පත්වූයෙමි.

    හෙළ හවුලේ සාහිත්‍යධරයකු ලෙස හෙළ සාහිත්‍යයට අනූපමය සේවයක් ඉටු කළ වි.ජ.මු ලොකු බණ්ඩාර මහතා දේශපාලඥයකු ලෙස සිය මාතෘ භූමියේ අභිලාෂයන් වෙනුවෙන් අමිල මෙහෙවරක නිරත විය.


    මහජන සේවය උතුම් කොට සැලකූ වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා මෙරට දේශපාලන යුග කිහිපයක නොමැකන මතකයකි. රට ජාතිය උතුම් කොට සැලකූ වි.ජ.මු ලොකුබණ්ඩාර මහතාගේ දේශපාලන දිශානතිය ද හැමවිටම ඒ හා බැඳී පැවතිණි.


    දේශපාලඥයකු ලෙස පමණක් නොව සමීප සහෘදයකු ලෙස ද මා සමඟ එතුමා කටයුතු කළ අයුරු අදත් මට සිහියට නැගෙයි. අතීත කතාවක රස බර මතක සමඟ හැඩවන සංවාදයකට වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමා නැවත නොඑන බව ඇත්තය.


    එහෙත් වි.ජ.මු නමින් ලාංකේය ජන සමාජය තුළ කථානායකවරයකු මෙන්ම ජනතා හිතෛෂී දේශපාලඥයකු සහ සාහිත්‍යධරයකු ලෙස එතුමා තැබූ ලකුණ කිසිදා මෙරට ජන හදවත් තුළින් මැකී නොයනු ඇත.


    වි.ජ.මු ලොකුබණ්ඩාර මැතිතුමාට නිවන් සුව ! ප්‍රාර්ථනා කරමි.


    මහින්ද රාජපක්ෂ
    ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
    අග්‍රාමාත්‍ය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya