ඒ අනුව කලක් පලාතේ වී වගාව ඇතුළු කෘෂිකර්මාන්තය සදහා විශාල දායකත්වයක් දැක්වූ පසුකලෙක නඩත්තු නොකිරීම නිසා අබලන්ව ඇති අඩු ජල ධාරිතවයක් සහිත අගුණුකොළපැලැස්ස වැව රුපියල් ලක්ෂ 170 ක ආයෝජනයකින් ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු (14 ) දින පෙරවරුවේ ආරම්භ කරන ලදී.
අගුණුකොළපැලැස්ස වැව ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ප්‍රදේශයේ ගොවි ජනතාවට දෙකන්නයම වගා කල හැකි ලෙස වාරි ජලය සපයන අතර ගෘහස්ථ ජල භාවිතයටද සම්පාදනය කෙරේ.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ මාස හයක් වැනි කාලයක් තුළ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට උපදෙස් ලබා දුන් අතර මේ අවස්ථාව සදහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර,ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ,මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගමලත්,ඩී.පී. චානක,පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ ඇතුළු මහජන නියෝජිතයන් ද වාරිමාර්ග අමාත්‍යාංශයේ,ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේත් ප්‍රධානීන්ද රැස්ව සිටි අතර ගොවි සංවිධාන නියෝජිතයන් ඇතුළු ප්‍රදේශයේ ජනතාවද ඊට සහභාගී වී සිටියහ.