කොවිඩ් වංසගතය නිසා ආර්ථික වශයෙන් දුෂ්කරතාවයට පත් වූ පෞද්ගලික බස්රථ හිමියන්ට තමන්ගේ බස්රථ මාස ගණනාවක් ධාවනය නොකිරීම නිසා නඩත්තු හා අළුත්වැඩියා කටයුතු කර ගැනීමට නොහැකි වීමෙන් අසීරුතාවයට පත් වී ඇත.
මේ තත්ත්වය හමුවේ පෞද්ගලික බස්රථ හිමියන් හා පොදුවේ බස්රථ හිමියන් විසින් රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ප්‍රවාහන අමාත්‍යාංශය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා පළාත්බද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමග එක්ව රාජ්‍ය බැංකු හරහා පෞද්ගලික බස්රථ හිමියන්ට රුපියල් ලක්ෂ 03ක ණය මුදලක් හා ටිකට්පත් යන්ත්‍ර මිලදී ගැනීම සඳහා තවත් රු. 50000 ක මුදලක් ඉහත වැඩ සටහන යටතේ ලබාදීමට අවශ්‍ය කටයුතු ( 15) දින ක්‍රියාවට නැඟුණි.
මේ යටතේ සංකේතාත්මකව පෞද්ගලික බස්රථ හිමියන් 27 දෙනෙකුට එම ණය මුදල ලබා ගැනීමට අවශ්‍ය ණය ප්‍රදාන ලිපි ලබාදීම අද දින ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
මෙහිදී අදහස් දැක්වු ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමා, පෞද්ගලික බස්රථ හිමියන් මුහුණ පා සිටින දුෂ්කරතාවයන් පිළිබඳව රජය ඉතා හොඳ අවබෝධයකින් සිටින අතර එම දුෂ්තරතාවයක් මඟ හරවා ගැනීම සඳහා මෙම ණය මුදල් ලබා දීමට ලංකා බැංකුව හා මහජන බැංකුව ඉදිරිපත් වීම පිළිබඳව එම ආයතන වෙත සිය ප්‍රශංසාව පල කර සිටියේය.
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත පෞද්ගලික බස් කර්මාන්තය කඩා නොවැටී පවත්වාගෙන යාම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගැනීමටත්, මගී ජනතාවට අපහසුවෙන් තොරව සුව පහසු ප්‍රවාහන සේවාවක් ලබා දීමත් රජයේ මූලික අරමුණ බව අමාත්‍යතුමා වැඩිදුරටත් පැවසීය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමග ලංකා බැංකු හා මහජන බැංකු නියෝජිතයන් මෙම ණය නිකුත් කිරීම පිළිබඳව ගිවිසුම් අත්සන් කිරීමද මෙහිදී සිදු විය.
මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.එම්.ඩී.එල්.කේ. ද අල්විස්, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම, පොදුජන පෞද්ගලික බස් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති සම්පත් රණසිංහ ඇතුළු පෞද්ගලික බස්රථ හිමියන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.