පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ් මර්දන එන්නත බන්ධනාගාර නිලධාරීන්ට

    පෙබරවාරි 16, 2021

    බන්ධනාගාර නිලධාරීන් අවදානම් රාජකාරියක නිරත වන පිරිසක් නිසාත්, බන්ධනාගාර ගත රැඳවියන් සමඟ රාජකාරියෙහි නිරත වීම නිසාත්, මගී පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමත් යන කරුණු විශේෂයෙන් සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් බන්ධනාගාර නිලධාරීන් සඳහා කොවිඩ් මර්දන එන්නත (16) සිට එන්නත් කිරීමට කටයුතු සුදානම් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

    ඒ අනුව ප්‍රථමයෙන්ම කොවිඩ් මර්දන එන්නත බස්නාහිර පළාතේ බන්ධනාගාර නිලධාරීන් 5100ක ප්‍රමාණයක් සඳහා බන්ධනාගාර පුහුණු පාසලේදී  (16) දින උදෑසන සිට එන්නත් කිරීම ඇරඹීමට බන්ධනාගාර සෞඛ්‍ය අංශ කටයුතු කරන බවත්, ඉන් අනතුරුව අනෙකුත් බන්ධනාගාර වල රාජකාරියෙහි නිරත වන සියලුම නිලධාරීන්ටද එන්නත ලබාදීමට කටයුතු කරන බවත් චන්දන මහතා පැවසීය.

    4700ක් දක්වා ඉහළ ගොස් තිබූ බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් 4549ක් සුව වී ඇති බවත් දැනට ප්‍රතිකාර ලබන නිලධාරීන් හා රැඳවියන් ගණන 171ක් බවත් චන්දන මහතා තව දුරටත් පැවසීය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya