අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
පශු සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පශු වෛද්‍යවරු, සත්ව සංවර්ධන උපදේශකවරු හා සත්ත්ව පාලන නිළධාරීන්ගේ අධීක්ෂණයට යටත්ව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා එක්ව වැඩසටහන ක්‍රියාවට නංවනු ලැබේ. මෙහිදී කිරි ගොවීන් හතර පස්දෙනෙකු එකතු වී කුඩා කිරි ගොවි සමිතියක් සාදා ගත යුතුයි. එහි සාමාජිකයින් අන්‍යෝන්‍ය ලෙස එම සමිතියේ සියළු සාමාජිකයන්ට අවශ්‍ය ණය මුදල ලබාගත හැක. මේ යටතේ රු.මිලියන 1000 ක ණය මුදල් කිරි ගොවීන් වෙත ලබා දීමට සූදානම් කර ඇත.
එක් එක් කිරි ගොවියාගේ අවශ්‍යතාවය පරිදි උපරිම ලක්ෂ 10 ක් දක්වා ණය ලබා දෙයි. ණය ආපසු ගෙවීමේ කාලයද ගොවියාගේ ගෙවීමේ හැකියාව මත පදනම්ව බැංකුව තීරණය කරනු ලබයි.
ලබා ගන්නා ණය කිරි නිෂ්පාදන ක්‍රියාවලියටම යෙදවීම සදහා පශු සම්පත් අමාත්‍යාංශයේ හා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තු නිළධාරීන් හරහා අධීක්ෂණය කෙරෙනු ඇත.
මෙම වැඩසටහන යටතේ කිරි ගොවීන් දහසක් බල ගැන්වීමට අපේක්ෂිතයි.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම වැඩසටහනේ මූලික අරමුණ බවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස වී ඇත්තේ ද වැඩි වශයෙන් කිරි ගොවීන් ශක්තිමත්කිරීම බවද ඒ සදහා ණය මුදලේ ප්‍රමාණය ඉහළනැංවීමටද අගමැතිතුමා පියවර ගත් බවද කියා සිටියේය.
ඒ අනුව එතුමාගේ යෝජනාව සාක්ෂාත් කර ගැනීමට, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා පශු සම්පත්,ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය එක්ව පසු ගියදා වාරියපොලදී සංකේතාත්මකව කිරි ගොවීන් 107 දෙනෙකු සදහා ලක්ෂ 336 ක ණය මුදල් බෙදා දුන් බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම ණය මුදල් මගින් ගවයන් මිළදී ගැනීම, ගව ගාල් ඉදිකර ගැනීම,කිරි දෙනුන්ගේ ආහාර සැකසීමේ යන්ත්‍ර, කිරි දොවන මැෂින් මිලදී ගැනීම, තෘණ වගා කිරීම ආදී දෑ සදහාද මෙම මුදල් යෙදවීමේ හැකියාව පවතී.
එම අවශ්‍යතාවලදී කිරි ගොවීන් හට අදාල තාක්ෂණික සහයෝගය ලබා දීමට අමාත්‍යංශය සුඅදානම් වේ.
කෙසේ වෙතත් සහන පොළියට ණය ලබා දීම මේ යටතේ කෙරෙන එක් වැඩ පිළිවෙලක් පමණි. කිරි ගොවියා කිරි ව්‍යවසායකයා බවට පත් කිරීමේ රාජ්‍ය වගකීමේ පෙරගමන්කරු ලෙස අමාත්‍යංශය හා ඒ යටතේ ඇති ආයතන මගින් ඉදිරියේදී කිරි ගොවි ප්‍රජාව වෙත බොහෝ දේ ලබා දීමට සුඅදානමින් සිටින බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම හමුව සදහා අමාත්‍යාංශ ලේකම් එස්.සේනානායක මහතාද එක්ව සිටියහ.