අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධිකරණවල පවතින අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරතවු අවස්ථාවේදී තිස්සමහාරාම හම්බන්තොට හා තංගල්ල අධිකරණ සංකීර්ණවල ඉදිරි සංවර්ධන වැඩ සටහන් පිළිබදව නිරීක්ෂණයක අතරතුරදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව මෙම වසරේ ජනවාරී මාසය තුළ පමණක් පරීක්ෂණ සාමාන්‍ය අගය වන 4828 අභිබවා පරීක්ෂණ 5060 ක් සම්පුර්ණ කර ඇති බවත්, අවම වශයෙන් මසක් තුළ වාර්තා ලබාදීය හැකි මට්ටමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ගෙන එන බවත් ජනාධීපති නීතිඥ අලි ශබ්රි මහතා පැවසීය.
හම්බන්තොට හා තිස්සමහාරාම අධිකරණ තුළ විභාග වන විශාල නඩු සංඛ්‍යාවක් පවතින බැවින් එය අවම කිරීමට එම අධිකරණ දෙක තුළ වැඩි ඉඩකඩ පහසුකම් සහිතව නව අධිකරණ ශාලා ස්ථාපිත කිරීම ,කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් පියවර දෙකක් යටතේ කඩිනමින් සිදු කළ යුතු බවටත්, හම්බන්තොට අධිකරණ පරිශ්‍රයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සුදුසු භූමියක් තෝරා නව අධිකරණ සංකීර්ණයක් ඉදි කිරීම පිළිබදව සොයා බැලීමටත් මෙහිදී යෝජනා විය.
අධිකරණවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේදී එය වසර 30 ක් 35 ක් ඉදිරිය දෙස බලා සිදු කළ යුතු බවත්, නඩු ප්‍රමාදය අවම කිරීම සදහා දැනට පවතින අධිකරණ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ දැමිය යුතු බවත් ,ඒ සදහා නව ක්‍රමවේදයක් යටතේ ඉදිරියට යාමේ වැඩ පිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර ඇති බැවින් සියලු දෙනාගේ සහාය ඒ සදහා අවශ්‍ය වන බවත් ,අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.