පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    සුපිරි ත්‍යාගලාභීන් 09 දෙනෙකුට චෙක්පත් ප්‍රදානය කරයි

    පෙබරවාරි 16, 2021

    ජාතික ලොතරැයි මණ්ඩලය විසින් බිහි කළ සුපිරි ත්‍යාගලාභීන් සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 15 දින අරලියගහ මන්දිරයේ චෙක්පත් ප්‍රදානය කෙරිණි.

    මාස 03ක් වැනි කෙටි කාලයක් තුළ ජාතික ලොතරැයි මණ්ඩල විසින් බිහි කළ සුපිරි ත්‍යාගලාභීන් 09 දෙනෙකු සඳහා රුපියල් කෝටි 52ක් ඉක්මවූ මුදල් චෙක්පත් අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් මෙලෙස අදාළ ත්‍යාගලාභීන් වෙත පිරිණැමුවේය.


    ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර්, ගොවිසෙත, මහජන සම්පත, සුපිරි වාසනා, ධන නිධානය යන ලොතරැයිවලින් මෙම ත්‍යාගලාභීන් බිහිවී තිබේ.

    මෙම අවස්ථාව සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතීඥ ලලිත් පියුම් පෙරේරා, ප්‍රධාන කළමනාකාර ජී.එම්.වයි.කේ.ශිරෝමි ජීවමාලා, අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජනය කරමින් අධ්‍යක්ෂ ඩී.ඩී.ජයසිරි ඇතුලු මහත්ම මහත්මීන් හා ත්‍යාගලාභීන් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya