ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂය (BJP) පිහිටුවීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා සිදු කරන බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශකරවරයා බව සඳහන් කළේය.
ලංකාව තුළද භාරතීය ජනතා පක්ෂය (BJP)පිහිටුවීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව පැවසූ අමාත්‍යවරයා, මෙම ප්‍රකාශය පළ වී දැනට දින 02ක් ගත වී ඇති එහි වීඩියෝ පටයක් හෝ ලැබී නොමැති බව පෙන්වා දුන් අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දීය රජය යම් ප්‍රකාශයක් සිදු කළහොත් පමණක් ඒ සම්බන්ධව රජයේ නිල මතය ප්‍රකාශ කළ හැකි බව අවධාරණය කළේය.
කෙසේ වෙතත් මෙරට දේශප්‍රේමී ජනතාව, විදේශීය දේශපාලන පක්ෂයකට මේ රටේ දේශපාලන බලය අත්පත් කර ගැනීමට ඉඩ ලබා දේ යැයි තමා විශ්වාස නොකරන බවද අමාත්‍යවරයා කීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, නව ව්‍යවස්ථා සම්පාදන කටයුතු ඉතාමත් වේගයෙන් සිදු වන බවයි. ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නව ව්‍යවස්ථා සම්පාදන කමිටුව මේ වන විටත් රටේ දේශපාලන පක්ෂ හමුවෙමින් ඔවුන්ගේ අදහස් විමසීම මේ දිනවල සිදුවෙමින් පවතින බවද අමාත්‍යවරයා කීය.
නව ව්‍යවස්ථාව තුළ ද්විත්ව පුරවැසියන්ට දේශපාලනය කිරීමේ අයිතිය අහිමි කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සැප්තැම්බර් මස,දේශපාලන පක්ෂ 10ට ප්‍රතික්ඥාවක් ලබා දී ඇතැයිද අමත්‍යවරයා පැවසීය.එම ප්‍රතික්ඥාව සැබෑවක් කරමින් වසරක් ඇතුලත නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට හැකිවේ''යැයි තමා විශ්වාස කරන බවද අමාත්‍යවරයා පැවසීය