පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    මිලාන් හි සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා අඛණ්ඩව කොන්සියුලර් සේවා සැපයීම

    පෙබරවාරි 17, 2021

    විදේශ අමාත්‍යාංශය මඟින් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ කොන්සියුලර් අවශ්‍යතා පිළිබඳව සැලකිල්ලට ගෙන, මාර්ගගත (online) ලෙස වේලාව වෙන්කරගෙන මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ දී කොන්සියුලර් සේවා ලබා ගැනීමේ ක්‍රමය නැවත ශ්‍රී ලාංකික ජනතාව සඳහා හඳුන්වා දීමට සැලසුම් කර ඇත.

    පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය වීම සැලකිල්ලට ගනිමින් සහ ඊට අදාළ සෞඛ්‍ය පූර්වෝපායන් අනුගමනය කරමින් රෝමය සහ මිලාන් නගරවලින් පිටත තෝරාගත් ස්ථානවල දී ද ජංගම කොන්සියුලර් සේවාවන් සැපයීමට කටයුතු කෙරෙනු ඇත.

    පවත්නා කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් ජනනය වන අන්තරායකර තත්ත්වයන් යටතේ වුව ද, ඉතාලියේ ශ්‍රී ලංකා දූත මණ්ඩල අඛණ්ඩව මහජනතාව වෙත සේවා සපයයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya