කොවිඩ් 19 සඳහා භාවිතා කරන (Oxford-Astrazeneca) ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පැතිරයන ව්‍යාජ පුවත් හා ඒ හේතුවෙන් එන්නත භාවිතා කිරීමට මහජනතාවගේ අනියත බිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරිය පවසන්නේ මෙම එන්නතේ සැළකිය යුතු අතුරු ආබාධ තත්වයන් හා රෝහල් ගතවීම් මේ වන තෙක් වාර්තා වී නොමැති වාර්තා වී ඇත්තේ ඉතාමත් සුළු මෙන්ම අනෙකුත් සෑම එන්නතකටම පැමිණිය හැකි ආකාරයේ අතුරු ආබාධ සුළු ප්‍රමාණයක් බවත්ය.
එමෙන්ම කොවිෂිල්ඩ් එන්නත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ගෙනයන දූෂමාන ආරංචි කිසිවකට නොරැවටෙන ලෙසත්, මේ වන විට එන්නත ලබාගෙන ඇති ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයෙන් කිසිවෙකුටවත් සැළකිය යුතු මට්ටමේ අතුරු ආබාධ නොමැති බවත් වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.
කොළඹ දිස්ත්‍රික්කයේ මේවන විට කොවිඩ් එන්නත සාමාන්‍ය ජනතාවට ලබා දීමට කටයුතු යොදා ඇති බවත්, තමන් ප්‍රමුඛතාවය ලබා දුන්නේ අවධානම පදනම් කරගෙන බවත් ඒ අනුව කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික් දෙකෙහි ජනතාවට මෙම එන්නත මුලින්ම ලබාදීමට කටයුතු කරන බවත්,අමාත්‍යවරිය පැවසුවාය.
එමෙන්ම දේශපාලඥයන් යනු නිරන්තරයෙන් ජනතාව සමඟ ගැවසී කටයුතු කරන පිරිසක් බැවින් මෙම පිරිස හරහා සමාජයට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ප්‍රමුඛතාවයක් ලබා දුන් බවත් අමාත්‍ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.