රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ පැවති විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ විශේෂ පුවත්පත් සාකච්ඡාවේදී විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අභියාචනා ඉදිරිපත් කළ සිසුන් සම්බන්ධයෙන් වන ප්‍රතිඵල ලබාදීම පිළිබඳ රජයේ නිල පුවත් වෙබ් අඩවිය (news.lk) අසන ලද පැනයකට පිළිතුරු වශයෙන් ඒ මහතා මේ බව පැවසීය.
ඒ අනුව මේ වන විට විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා තෝරාගත් සිසුන්ගේ ලැයිස්තු අදාළ අන්තර්ජාලය ඔස්සේ ලබා දී ඇති බවත්, නියමිත දිනයට විශ්ව විද්‍යාල අයැදුම්පත යොමුකරන්නට නොහැකිව ඉන් පසු ඉදිරිපත් කළ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ජංගම දුරකථනයට අද දිනයේදී අවශ්‍යකරන තොරතුරු ලබා දෙන බවත් මහචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම ලබන සතිය වන විට සියලුම අභියාචනා සළකා බලා විශ්ව විද්‍යාල කොමිසමේ තීරණය ගෙන ලබන සතිඅන්තය වන විට සියලු දරුවන්ට දැනුම් දීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවද සම්පත් අමරතුංග මහතා පැවසීය.