රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ පැවති විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ විශේෂ පුවත්පත් සාකච්ඡාවේදී ඒ මහතා මේ බව පැවසීය.
අන් වසරවලදී බඳවාගන්නා සිසුන් ප්‍රමාණය 30 000ක් පමණ බවත්, මෙම වසරේදී එම ප්‍රමාණය 40 000 ඉක්මවා යන බවත්, මහාචාර්ය සම්පත් අමරතුංග පැවසීය.
ඒ අනුව වෛද්‍ය විද්‍යාල සඳහා සිසුන් වෛද්‍ය විද්‍යාල සඳහා අමතර සිසුන් 481ක්, ඉන්ජිනේරු පීඨ සඳහා සිසුන් 565ක්, විද්‍යා පීඨ සඳහා 2973ක්, තාක්ෂණ පීඨ සඳහා 1099ක්, වාණිජ හා කළමණාකරන පීඨ සඳහා 1803ක්, කලා විෂය සඳහා 1680ක් සහ සෞන්දර්යය පීඨ සඳහා 318ක් ලෙස අමතර සිසුන් ප්‍රමාණයක් බඳවා ගැනීමට නියමිතය. සමස්ත වැඩිවීම වන්නේ 10 579කි.
මීට අමතරව මෙම බඳවාගන්නා සිසුන් වෙනුවෙන් මෙම වසරේදී අවශ්‍යකරන ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව වැඩිකිරීමක් සිදු කෙරුණු අතර ආචාර්යවරුන් 500ක් පමණ බඳවා ගැනීමටද මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලැබී ඇත. ඒ අනුව මේ වන විට නව ආචාර්යවරුන් බඳවා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතී.