රටේ ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ වාතාවරණයක් බිහි කිරීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අමාත්‍යංශය පිහිට වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා පාතාල ක්‍රියාකාරකම් සඳහා කිසිසේත් ඉඩ නොදෙන බව සඳහන් කළේය.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අද(17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ළමා සහ කාන්තා හිංසන අපරාධ වැළැක්වීම කෙරෙහි තම විශේෂ අවධානය යොමු කර ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා කාන්තාවන් blackmail කරමින් මුදල් ලබා ගන්නා අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද කීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ එසේ කප්පම් ඉල්ලා සිටීම් සමබන්ධයෙන් 118කෙටිදුරකතන අංක ඔස්සේ දැනුම් දෙන ලෙසයි. එම කාන්තාවන්ගේ රහස්‍ය භාවය ආරක්ෂා කරන බව කී අමාත්‍යවරයා 1997 සහ 118 යන කෙටි දුරකථන අංක තවදුරටත් සක්‍රීය කර ඇතැයිද සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කරන පැමිණිලි 1997 යන දුරකතන අංකයට සහ කප්පම් සම්බන්ධ පැමිණිලි 118 යන දුරකථන අංකයට ලබා දෙන ලෙස ඉල්ලා සිටි අමාත්‍යවරයා පොලීසියට පමණක් මෙම කාර්යභාරය තනිව සිදු කළ නොහැකි බවත් අපරාධ සිදු වීමට පෙර එය වැළැක්වීමට කටයුතු කිරීම සඳහා ජනතා සහය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
රටේ සංවර්ධනයට අවශ්‍ය බාල පරම්පරාව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවහොත් රටේ සංවර්ධනයක් බලාපොරොත්තු විය නොහැකි බව පැවසූ අමාත්‍යවරයා මත් උවදුර වැළක්වීම අදියර කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක වන බව කීය. විශාල වශයෙන් මත් ද්‍රව්‍යය මෙරටට ගෙනඒම සිදුවන්නේ මුහුදු මාර්ගය ඔස්සේයි. එම මුහුදු මාර්ග හඳුනාගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් වැටළීම් සිදු කෙරේ.
තවද අධ්‍යාපන අමාත්‍යංශය සමග එක් වී මත් ද්‍රව්‍ය වැළැක්වීම සඳහා පාසල් මට්ටමින් කමිටු ක්‍රියාත්මක කරන බවත් ගුරුවරු, දෙමව්පියන් සහ ශිෂ්‍ය නායක සිසුන් මේ සඳහා සම්බන්ධ කරගන්නා බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මත්ද්‍රව්‍ය භාවිතයේ භයානක බව පෙන්වා දෙමින් දරුවන් දැනුම්වත් කර දරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය .
පසුගිය වසරේ සිරකරුවන් 31,000ක් පමණ බන්ධනාගාර ගත වී ඇති බවත් එයින් 11,000 පමණ දෙනා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම පුද්ගලයන් යළි යළිත් බන්ධනාගාර ගත වෙන බවද පෙන්වා දුන්නේය. ඉදිරියේදී එම පුද්ගලයන් පුනුරුත්ථාපන කඳවුරු වලට යොමු කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
Best Regards