පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    පාපන්දු සිකුරාදා වැඩසටහන එළඹෛන සිකුරාදා තුරග තරග පිටියේදී

    පෙබරවාරි 18, 2021

    ක්‍රියාශීලී ජවසම්පන්න ජනතාවක් රටට දායාද කිරීමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව හඳුන්වාදෙන පාපන්දු සිකුරාදා වැඩසටහන එළඹෛන සිකුරාදා තුරග තරග පිටියේදී ආරම්භ කිරීමට සියළු කටයුතු සංවිධානය කර ඇතැයි ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    පවතින කොවිඩ් වසංගතය හමුවේ නිවෙස් වලට වී සිට ජනතාවට ව්‍යයායාම් කටයුතු වල නිරත වීමට හෝ නොහැකි විය. ඒඅනුව ජනතාවට තමන්ගේ ශාරීරික සෞඛ්‍ය වැඩිදියුණු කර ගැනීම උදෙසා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මේ සඳහා සහභාගීවීමට ඉඩ සළසා තිබේ.

    ඒ අනුව ඒළඹෙන පෙබරවාරි 19 දින කොළඹ තුරග තරග පිටියේදී මෙම වැඩසටහන ආරම්භ වන අතර සූළු පරිමාන ව්‍යාපාරිකයන් විසින් ඒම ස්ථානයේ කූඩා වෙළෙඳපොළක් සහ පාපන්දු සැසියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. පවුලේ සියළුදෙනාට පැමිණ සහභාගී විය හැකි මෙම වැඩසටහන සඳහා ජනප්‍රිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද සහභාගී වීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya