පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    වයඹ පළාත් මහ ඇලේ අවසන් අදියරට අයත් මහකිරුළ සහ මහකිතුල ගබඩා ජලාශ ඉදිකිරීම් කටයුතු ඇරඹෙයි

    පෙබරවාරි 18, 2021

    වාරි සෞභාග්‍යයා ග්‍රාමීය වැව්,අමුණු සහ වාරි ජල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමිව මහාපරිමාණ වාරි ව්‍යාපෘති කඩිනම් කිරීම යටතේ වයඹ පළාත් මහ ඇලේ අවසන් අදියරට අයත් මහකිරුළ සහ මහකිතුල ගබඩා ජලාශ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (16) ඇරඹිණි.

    දශක ගණනාවක් උග්‍ර ජල හිඟයෙන් පීඩා විඳි ගල්ගමුව ඇතුළු තදාසන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක ජනතාවගේ පානීය සහ කෘෂි ජල අවශ්‍යතාවයට ස්ථීර  විසඳුමක් ලෙස ඉදිවන මෙම ගබඩා ජලාශ ව්‍යාපෘතියේ සියලු පියවරයන් වසර හතරක් ඇතුළත අවසන් කිරීමට තීරණය කර තිබෙන අතර, ඒ තුළින් ප්‍රධාන වැව් 7 ක් ඇතුළු ග්‍රාමීය වැව් 350 කට ජලය සැපයේ.

    ව්‍යාපෘතියෙන් ආවරණය වන සියලු ප්‍රදේශයන්හි ගොවි බිම් හෙක්ටයාර 12500 යල මහ දෙකන්නයම වගා කිරීම සඳහා හිඟයකින් තොරව වාරි ජලය පහසුවෙන් ලබා දීමට මෙම ගබඩා ජලාශ ඉදිකිරීම් ව්‍යාපෘතියෙන් හැකිවන අතර, අද දින පැවති සමාරම්භක උත්සවය සඳහා  5000 කට අධික ගොවි ජනතාවක් දැඩි උද්යෝගයෙන් සහභාගී වී සිටියහ.

    අමාත්‍යවරුන් වන එස්.එම්.චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගමලත්, අනුරාධ ජයරත්න, දයාසිරි ජයසේකර යන අය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන් ද වයඹ පළාත් ආණ්ඩුකාර, වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, වාරිමාර්ග සහ මහවැලි අධ්‍යක්ෂ ජෙනරාල්වරු, ආසියානු සංවර්ධන බැංකුවේ විශේෂ නියෝජිත ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ගොවි සංවිධාන නියෝජිතයන් රැසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya