පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

      ඉන්දියාවේ හෝමියෝපති වෛද්‍ය උපාධිය හැදෑරීම සදහා සිසු සිසුවියන් දස දෙනෙකුට ශිෂ්‍යත්ව සහ ගුවන් ටිකට්පත්..

    පෙබරවාරි 18, 2021

    ඉන්දියාවේ හෝමියෝපති වෛද්‍ය උපාධිය හැදෑරීම උදෙසා ශ්‍රී ලාංකික සිසු සිසුවියන් දස දෙනෙකු සදහා ශිෂ්‍යත්ව සහ ගුවන් ටිකට්පත් ප්‍රධානය කිරීම දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) දින එම අමාත්‍යංශයේදී සිදුකෙරුණි.

    ඉන්දු - ලංකා මිත්‍රත්වය තහවුරු කරමින් ඉන්දීය රාජ්‍ය අනුග්‍රහයෙන් කල්කටාහි පිහිටි ජාතික හෝමියෝපති ආයතනය මගින් වසර පහ මාරක පාඨමාලාව හැදෑරීමට අවස්ථාව සලසාදී තිබෙන අතර සිසු සිසුවියන් සදහා අධ්‍යයන සහ නේවාසික පහසුකම් ඉන්දීය රජය මගින් නොමිලේ සපයනු ලබයි. ඔවුන් උදෙසා ගුවන් ටිකට්පත් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත නොමිලේ සපයා දී තිබේ. අ.පො.ස. උසස් පෙළ විද්‍යා විෂය ධාරාවන් හදාරා සමත් වූවන්ගෙන් අයදුම්පත් කැදවීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණයක් මගින් මෙම සිසු සිසුවියන් තෝරා පත්කර ගැනීමට කටයුතු කර ඇත.

    අතුරු ආබාධ වලින් තොර වෛද්‍ය ක්‍රමයක් ලෙස සැලකෙන මෙම හෝමියෝපත් වෙවද්‍ය ක්‍රමය හැදෑරීමෙන් අනතුරුව මෙරට හෝමියෝපති වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගැනීමෙන් අනතුරුව හෝමියෝපති වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස කටයුතු කිරීමේ හැකියාව පවතී.

    මෙම අවස්ථාවට දේහීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කුමාරි වීරසේකර, අතිරේක ලේකම් ගීතාමනී කරුණාරත්න, වැලිසර හෝමියෝපති රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරී චන්දනී හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya