උතුරු මැද නාවික විධානය සහ මන්නාරම පොලීසිය එක්ව පෙබරවාරි 16 වන දින මන්නාරම කාර්සල් ප්‍රදේශයේ සිදුකල මෙහෙයුමකදී අලෙවි කිරීමට උත්සාහ කළ කේරළ ගංජා කිලෝ 02 ග්‍රෑම් 66 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් (01) අත් අඩංගුවට ගන්නා ලදි.
එමෙන්ම මන්නාරම තාවුල්පාඩු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ තවත් සෝදිසි මෙහෙයුමකදී සැක සහිත ඩිංගි යාත්‍රාවක් (01) නිරීක්‍ෂණය කර සිදු කළ වැඩිදුර පරීක්‍ෂාවේදී, එම යාත්‍රාව තුල ගෝනි මළු 12 ක අසුරා තිබූ නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල කිලෝ 412 ග්‍රෑම් 600 ක් පමණ බරැති වියලි කහ තොගයක් සොයා ගැනීමට සමත් විය. මෙහිදී අදාල කහ තොගය සහ යාත්‍රාව සැකකරුවන් දෙදෙනෙකු (02) සමගින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පේසාලේ සහ මන්නාරම ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලදි.
අත්අඩංගුවට ගත් කේරළ ගංජා ප්‍රමාණය සහ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කළ අතර, වියළි කහ තොගය සමඟ නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා (02) දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සඳහා සිලාවතුර මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි. නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය යාපනය රේගු කාර්යාලය වෙත භාරදුන් අතර, ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සිදු කරනතෙක් නාවික හමුදා භාරයේ රඳවා තබා ඇත.