ඒ අතරම දැව නිර්මාණ කිරීමේදී ඉවතලන දැව කැබලි ප්‍රයෝජනයට ගනිමින් අඩු වියදම් දොරවල් නිර්මාණය කිරීමට වනජීවී අමාත්‍යවරයා උපදෙස් ලබාදුන් අතර එම දොරවල් නිවාස අධිකාරිය විසින් නිර්මාණය කරන නිවාස සඳහා මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකසන බවද ඔහු පැවසුවේය.
රෝහල් වල වාට්ටු සඳහා භාවිතා කරන කබඩ්, රාක්ක ආදිය ඉවතලන දැව කොටස් මගින් අඩු වියදමින් නිර්මාණය කිරීමට උපදෙස් දුන් අතර ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මිලදී ගැනීමට ක්‍රමවේදයක් සකසන බවද අමාත්‍යවරයා පැවසුවේය.
ඒ අතරම දැනට නිර්මාණය කරන අලි වැට ආසන්නයේ මී මැසි ජනාවාස ඇති කිරීම සදහා මී මැසි පෙට්ටි ලක්ෂයක් නිෂ්පාදනයට දැව නිර්මාණ අංගනයේ සේවකයන් හට උපදෙස් දෙන ලදී.