පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    රජය පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගන්නවා- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    ජූනි 23, 2021

    රජය පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගන්නා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා (22) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    රුපියල් 750කින් ගෑස් මිල වැඩිකිරීමට පාරිභෝගික අධිකාරිය සහ ගෑස් සමාගම් ඉල්ලා සිටියද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත් කර ගෑස් මිළ ස්ථාවරව පවත්වාගෙන යාමටත් ගෑස් සඳහා ඇතැම් බදු සංශෝධනය කිරීමටත් තීරණය කළ බව වෙළෙඳ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    වෙළෙලදපොළ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය හිගයකින් තොරව පවත්වාගෙන යාමට නිරන්තර වැටලීම් සිදු කරන බවත් නීති කඩන ගෑස් සමාගම්වලට එරෙහිව නඩු පවරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මේ සම්බන්ධව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගෑස් ගැටලුව සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    වෙළඳපොළට නව ගෑස් සිලින්ඩරයක් නිකුත් කිරීමට පාරිභෝගික අධිකාරිය අවසර ලබා දී නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා නවෝත්පාදන නිෂ්පාදනයක් වශයෙන් මෙම අඩු බර සහිත නව ගෑස් සිලින්ඩරය වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් මෙමගින් පාරිභෝගිකයාට අසාධාරණයක් සිදු වී ඇතැයි තමා පිළිගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya