මෙම පාලම 66 ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කුවේට් රජය මූල්‍ය ආධාර සපයයි. වසර 03 ක් ඇතුලත මෙම පාලම් 66 ප්‍රතිසංස්කරණය කර අවසන් කිරීමට නියමිතය.
ජාතික මාර්ගයන් හි පවතින පැරණි පාලම් වෙනුවට නව පාලම් ඉදිකිරීමත් , පටු පාලම් පුලුල් කර ප්‍රතිසංස්කරණය කිරීම තුලින් පාලම් භාවිතා කරන මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත් ගමන් කාලය අවම කර ගැනීමට හැකියාව ලැබේ.
එමෙන්ම ගංවතුර , නාය යෑම් වැනි හදිසි ආපදා තත්වයක් යටතේ වුවද රට පුරා මාර්ග ජාලය තුල බාධාවකින් තොරව ආරක්ෂාකාරීව ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා තාවකාලික පාලම් ඉදිකිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය පාලම් ලේඛනය මේ වන විට සකස් කර ඇති අතර ඉදිරියේ දී අදියර කිහිපයක් යටතේ එම පාලම් ප්‍රසම්පාදනය කිරීමට නියමිත බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය .