නවසීලන්තයට සංක්‍රමණය වීමට බොහෝ ශ්‍රී ලාංකිකයන් උත්සාහ අතර ශිෂ්‍ය සහ සංචාරක වීසා සදහා ද සැලකිය යුතු අයදුම්පත් ප්‍රමාණයක් ඉදිරිපත් වෙයි. මෙහිදී ශ්‍රමිකයින්ට සහ සංක්‍රමනයවීමට අපේක්ෂා කරන පිරිස් සදහා අවශ්‍ය තොරතුරු මෙම සම්පත් මධ්‍යස්ථානය හරහා ලබාගැනීමට හැකිය.
නවසීලන්තයේ ආර්ථික සංවර්ධන උපායමාර්ග, ඒවා රටේ සංවර්ධනයට යොදාගෙන ඇති ආකාරය, කම්කරු නීතිය, වෘත්තීය සමිති සමග කටයුතු කරන ආකාරය, සියලු පාර්ශ්වයන් රටේ සංවර්ධන දිශානතියට යොදා ගන්නා ආකාරය, වර්තමානයේ ශ්‍රි ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ඒවා උපයෝගී කර ගත හැකි ආකාරය පිළිබද මෙහි දී සාකච්ඡා කළ අතර, අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් මෙරට තරුණ තරුණියන්ට නවසීලන්තයේ නීත්‍යනුකූල ව රැකියා ලබා දීම පිළිබද මහකොමසාරිස්වරයාගේ විශේෂ අවධානයට යොමු කරන ලදි.
අතිවිශාල මුදලක් අයකරමින් නවසීලන්තයට වීසා දෙන බව පවසා ජාවාරම්කරුවන් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය භාවිත කරමින් සිදුකරන බරපතල වංචා සම්බන්ධයෙන් ද දෙපාර්ශවයේ ම අවධානයට ලක් කෙරුණි. ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස් Andrew Traveller මහතා ද සාකච්ඡාවට එක් ව සිටියේ ය.