ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළීබඳ කල් තැබීම් විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසීය.
රටේ මෙවැනි ආර්ථික අර්බුදයක් යළි ඇති නොවීමට ආර්ථිකය නවීකරණය කළ යුතු බවත් මෙරට ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පත් කළ යුතු බව ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති බවත් පෙන්වා දුන් අගමැතිවරයා, ඒ සඳහා අවශ්‍ය සැළසුම් වර්තමාන රජය මේ වන විටත් සකස්කරමින් සිටින බවද කීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, ඉදිරි වසර 25 සඳහා ජාතික ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමේ දී ගෝලීය ආර්ථික ප්‍රවණතා හඳුනාගනිමින් කටයුතු කරන බවයි. ආර්ථිකයේ සහ පාලන ක්‍රමයේ ප්‍රතිසංවිධානයක ඇති අවශ්‍යතාවය ඉතා පැහැදිළි බවත් කාරක සභා ක්‍රමය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා ආරම්භ කර ඇතැයිද කීය.
අද වන විට මෙරට ජනගහණය මිලියන 20 පසුකර ගමන් කරමින් සිටින බවත් මෙම නව ජනගහණ වර්ධනය දෙස බලා මෙම වර්ධනය අනුව ඇතිවන ඉල්ලුම සපුරා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව ඇතැයි ද කීය.
විවිධ නාස්තිකාර වියදම් වලට හුරුවී සිටින යම්යම් ආයතන ප්‍රතිසංවිධානය කිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අඩංගු කර ඇතැයිද කීය. ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ක්‍රියාත්මක කළ යුතු කාලය අද පැමිණ ඇතැයිද අගමතිවරයා පෙන්වා දුන්නේය.