මානව හිමිකම් සුරක්ෂිත කිරීම, සංහිදියාව ගොඩ නැංවීම හා ප්‍රතිසන්ධානයට අදාළව ඒ ඒආයතන විසින් ගෙන ඇති ක්‍රියා මාර්ගයන්හි ප්‍රගතිය පිළිබදව මෙහිදී කරුණු ඉදිරිපත් වුඅතර ඉදිරියේදී එම ආයතන කටයුතු කළ යුතු ආකාරය පිළිබදව ද මෙහිදී අවධානය යොමුවිය.
තවද ජීනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය සදහා මුහුණදීමේදී ඒ හා සම්බන්ධසියලු ආයතන එක්ව යාන්ත්‍රණයක් සකස් කිරීම මෙම සාකච්ඡාවේදී අවධාරණය විය.
නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේකලේකම් එම්.ආර්.කේ.ලේනගල, අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ආණ්ඩුක්‍රමව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන පියුමන්තී පීරිස් (නීති) , ආර්.පී.එස්.සමන් කුමාරී (ඒකාබද්ධතා) , රෝහණ හපුගස්වත්ත (පාලන) , සාමයසංහිඳියාව හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ සභාපති ජේ.ජේ.රත්නසිරි , එහිඅධ්‍යක්ෂ ජනරාල් දීප්ති ළමාහේවා, හානි පුර්ණය සදහා වන කාර්යාලයේ සභාපති ධාරාවිජේතිලක, නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට, යන මහත්ම මහත්මීන් ඇතුළු අධිකරණබන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, විදේශකටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, තිරසරසංවර්ධනය සදහා වන කවුන්සිලය, සාමය සංහිඳියාව හා ප්‍රතිසංධානය සඳහා වනකාර්යාලය නියෝජනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාව සදහා එක්ව සිටියේය.