ඒ අනුව සෑම සෙනසුරාදාවකම පෙ.ව.05.30 ට කොළඹ කොටුවෙන් පිටත්වන නව “ඇල්ල ඔඩෙසි” අධි සුඛෝපභෝගී දුම්රිය පස්වරු 3.55 ට බදුල්ලට ලඟා වීමට නියමිතයි. ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, පේරාදෙණිය,මහනුවර,නාවලපිටිය,නානුඔය,
හපුතලේ,දියතලාව,බණ්ඩාරවෙල,ඇල්ල සහ බදුල්ල යන දුම්රිය ස්ථානවල මෙම දුම්රිය නවත්වනු ඇත. සෑම ඉරිදා දිනකම බදුල්ලෙන් පෙ.ව.09.50 ට පිටත්වන දුම්රිය රාත්‍රී 07.20 ට කොළඹට ලඟා වනු ඇත. දුම්රිය ගමන අතරතුර හමුවන ආකර්ෂණීය නැරඹුම් ස්ථාන වල දුම්රිය නවත්වනු ඇත