මේ සම්බන්ධව මේ වන විටත් ගෙන ඇති නීතිමය පියවර සම්බන්ධයෙන් නීතිපති සංජය රාජරත්නම් මහතා විසින් කරුණු ඉදිරිපත් කළ අතර, සමුද්‍රිය පරිසරආරක්ෂණ අධිකාරීයේ සභාපතිනී නීතිඥ දර්ශනී ලහදපුර මහත්මිය විසින් පරිසරයට වු හානිය සම්බන්ධව සකස් කළ වාර්තාවේ ඇතුළත් කරුණුසම්බන්ධයෙන් හා මුහුදු වෙරළ පිරිසිදු කිරීම, නැවේ ගින්න හේතුවෙන් මුහුදු වෙරළට පැමිණි අපද්‍රව්‍ය ඉවත් කිරීම පිළිබදව කරුණු පැහැදිළි කර තිබේ.
මේ සම්බන්ධව මෙතෙක් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ගයන් හා වන්දි ලබා ගැනීම ඇතුලු කටයුතු ප්‍රමාදයකින් තොරව කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පියවරගන්නා ලෙස අධිකරණ අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර මෙම සිද්ධිය මහ ජනතාවගේ හා විවිධ පාර්ශවයන්ගේ අවධානය යොමු වුකරුණක් බැවින් ඔවුන් මේ පිළිබදව අවධානයෙන් යුතුව සිටින බව සදහන් කළේය.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විකුම් ද අල්විස් ,අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේඅතිරේක ලේකම් (නීතී) පියුමන්ති පීරිස්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හසන්ති ඔරුගොඩවත්ත, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිසිරිපාල අමරසිංහ , වෙළද නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ අජිත් සෙනෙවිරත්න, හාර්බර් මාස්ටර් කැප්ටන් නිර්මාල් සිල්වා, මහාචාර්ය ප්‍රිශාන්තිගුණවර්ධන, ධීවර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ධම්මික රණතුංග යන මහත්ම මහත්මීන් හා අධිකරණ අමාත්‍යාංශය, වරාය නාවික හා ගුවන් සේවාඅමාත්‍යාංශය, වරාය අධිකාරිය , සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙළද නාවික ලේකම් කාර්යාලය හා නාරා ආයතනය ඇතුළුරාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාව සදහා එක්ව සිටියේය