රට පුරා විසිර සිටින ග්‍රාම නිලධාරීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.
බිම් මට්ටමේ සිට කටයුතු කරන ග්‍රාම නිලධාරී පුරප්පාඩු හැකි ඉක්මනින් සම්පූර්ණ කිරීමට කටයුතු කරන බවත් ග්‍රාම නිලධාරී සඳහා වෙනම සේවා ව්‍යවස්ථාවක් සැකසීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයිද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. රාජකාරී කටයුතු කිරීම සඳහා කාර්යාල පහසුකම් නොමැතිවීම ආදී කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී අවධානය යොමු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.